කච්චතිව් ඉන්දියාවට දෙනවට උතුරේ නායකයන් විරුද්ධයි !

කච්චතිව් ඉන්දියාවට දෙනවට උතුරේ නායකයන් විරුද්ධයි !

කච්චතිව් දුපත යළි ඉන්දියාව සතු කරගැනීමේ තමිල්නාඩු මහ ඇමැතිගේ යෝජනාවට උතුරේ දෙමළ පක්‍ෂවල විරෝධය එල්ලකර ඇත .

ඒ මෙම යෝජනාව සම්බන්ධයෙන් දකුණේ සිංහල නායකයන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති පසුබිමකය .

චෙන්නායි නුවර පසුගිය දා පැවති උත්සවයකදී තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගෙන් ඉල්ලා සිටියේ තමිල්නාඩු හා උතුරු ලංකා ධීවරයන්ගේ ගැටලුව විසදීමට කච්චතිව් දුපත යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙසය.

එහිදී තමිල්නාඩු මහ ඇමැති ස්ටාලින් පැවසුවේ තමිල්නාඩු ධීවරයන්ට අනුව ඉන්දු-ලංකා මුහුදේ ගැටලුවට හොඳම විසදුම වන්නේ කච්චතිව් යළි පවරා ගැනීම බවයි.

කෙසේ වුවත් ඊට විරෝධය පලකරමින් තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් කියා සිටියේ කච්චතිව් දුපත කිසිසේත්ම උතුරේ ධීවරයන්ට අත්හැර දැමිය නොහැකි බවයි.

ඒ වවුනියාවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු මෙසේද පැවසීය .

''ඉන්දියාව එයාලගේ ආරක්ෂාව ගැන බය වෙන්න ඕනේ නැහැ. අපිට කොහොමත් කච්චතිව් ආපහු දෙන්න බැහැ. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපිට ඉන්දියාව, තමිල්නාඩු මහ ඇමැති කරන උදව් ගැන ස්තුති කළත්,කච්චතිව් පවරා ගන්න යෝජනාවට නම් අපි විරුද්ධයි,''

තවද කච්චතිව් දුපත යළි ඉන්දියාවට පවරා ගැනීමට කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු කියා උතුරු ධීවරයන්ගේ ස්ථාවරය නම් එය නැවත ලබා දිය නොහැකි බවයි.

එසේ කිරීමෙන් උතුරේ ධීවරයන්ට විශාල හානියක් සිදුවන බැවින් තමිල්නාඩු ඉල්ලීම කොහෙත්ම ඉටුකළ නොහැකි බවද මන්ත්‍රීවරයා පවසා තිබේ.

කච්චතිව් කොදෙව්ව පිලිබඳ ප්‍රශ්නය රටවල් දෙකක් අතර ගිවිසුමක් මගින් විසඳා ගත් දෙයක් බැවින් යළිත් ඒ පිළිබඳව යම් ගැටළුවක් මතු වන්නේ නම් දෙපාර්ශවය එක්ව සාකච්ජා කළ යුතු බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා පවසයි.

ඉන්දු-ලංකා ධීවර ආරවුලට මෙතෙක් තිරසාර විසදුමක් ලැබී නොමැති බැවින් ඊට අදාලවම මෙම කච්චතිව් අර්බුදය ද ඉන්දියාව සමග රාජතාන්ත්‍රිකව විසඳා ගත යුතු බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායකයා මාධ්‍යට සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න