Image

විජයග්‍රහණයේ 17 වන සමරුම සහ අපේ වගකීම

විජයග්‍රහණයේ 17 වන සමරුම සහ අපේ වගකීම

විජයග්‍රහණයේ 17 වන සමරුව අදට යෙදී තිබේ. මෙ වර, ජාතිමාමක, දේශප්‍රේමී ජනයා අතර ඒ සම්බන්ධයෙන් විශාල උනන්දුවක්, උද්යෝගයක් දක්නට ලැබීම සතුටට කරුණකි. එහෙත්, සදාදරණීය මවුබිම වෙනුවෙන් අපේ වගකීම, තම නිවෙසෙහි හෝ කාර්යාලයෙහි හෝ ජාතික කොඩි ප්‍රදර්ශනය, රණවිරුවන් සිහිකර පහනක් දැල්වීම ඉක්මවා යන්නකි.

1). රණවිරුවන් ආරක්ෂා කිරීම

අපට අද නිදහසේ ආරක්ෂිතව ජීවත් විය හැකි රටක්, සීය ජීවිත පරදුවට තබා නිර්මාණය කර දුන් රණවිරුවන් ආරක්ෂා කිරීම අප ගේ යුතුකමක් පමණක් නොවේ; එය අපේ වගකීමක් ද වේ. උඩරට ගිවිසුමෙන් අප බ්‍රිතාන්‍යයන්ට භාර දුන්නේ අපේ රට සිංහලේ සිරිත්-විරිත් අනුව පාලනය කරන්නට ය. ඒ අනුව බුද්ධ ශාසනය සම්බන්ධයෙන් පමණක් නොව, මවුබිමේ චිරපැවැත්ම වෙනුවෙන් අතීත රජදරුවන් පැනවූ නීති-රීති ද අපට අදාළ ය. මේ කුරුරි ත්‍රස්තවාදයට පෙර අපේ රාජ්‍යයේ පැවැත්ම ම බරපතළ අහියෝගයකට ලක් වූ අවස්ථාවක් වනුයේ 12 වන සියවසේ චෝල ආක්‍රමණය යි. ඉන් රට රාජ්‍යය රැකගත් පළමු වන විජයබාහු රජතුමා රට රැකගැනීමට කැපවූ  විරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පනාකඩුව තඹ සන්නසින් කර ඇතී නියෝග අපට ද අදාළ ය.

ඒ සන්නසින් වීජයබාහු මහරජතුමා නියෝග කරන්නේ කුමක් ද? රට රැකගැනීමට කැප වූ විරුවන්ට පමණක් නොව, ඔවුන් ගෙන් පැවත-එන්නන්ට ද දඩ අය නොකිරීම, සිරගත නොකිරීම, දේපළ රාජසන්තක නොකිරීම හා මරණ දණ්ඩනය නොපැනවීම යන වරප්‍රසාද රජු විසින් ප්‍රදානය කර ඇත. වරක්, දෙ වරක් නොව, තෙ වරක් ම ඔවුනට අවවාද කර සමාවදිය යුතු බව ඒ ශ්‍රේෂ්ඨ රජතුමා ගේ නියමය යි. දැන් අප ගේ රජය හිටපු බුද්ධි ප්‍රධානී  මේජර් ජනරාල් සලේ ප්‍රධාන රණවිරුවන් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල දී (ඔවුන් කිසිවකු වරදකරුවන් වී නැත) මීට වඩා සුපරික්ෂාකාරීව හා ඔවුන් ගේ ආරක්ෂාවට හා ගෞරවයට හානි නොවන ලෙස කටයුතු කළ යුතු ය. එ ලෙස ම අප ගේ ආරක්ෂක හමුදාවන්හි කටයුතු කළ වරදට, වීවිධ බටහිර රටවල් අප ගේ රණවිරුවන්ට ඔවුන් ගේ රටවලට ඒමට පනවා ඇති ගමන් තහනම් ආදිය සම්බන්ධයෙන් ද රජය ස්ථාවරයක් ගතයුතු ය.

2). ආබාධිත රණවිරුවන් ගේ සුභසාධනයranavirugif

ත්‍රස්තවාදය පරාජය කර වසර 17කට පසු ද මේ ගැන කතාකරන්නට සිදු ව තිබීම පිළිබඳ ව අපි ජාතියක් ලෙස ලජ්ජා විය යුතු ය. 

ආබාධිත රණවිරුවන්ට ගෙවන විශ්‍රාම වැටුප, අවුරුදු 55 දී නතර කිරීම, ආබාධිත රණවිරුවෙක් ස්වභාවික නොවන ආකාරයකට මියගිය හොත්, ඔහු ගේ බිරියට විශ්‍රාම වැටුප ලබා නොදීම - මෙ වැනි අකටයුතු ය. ආබාධිත රණවිරුවෙක් රිය අනතුරකින් මිය යෑම, නැතිනම් සියදිවි නසාගැනීම  ආබාධිත තත්ත්වය නීසා ම සිදුවන්නක් වීය හැකි ය. එ වැන්නක් මත බිරියට විශ්‍රාම වැටුප අහිමි කිරීම ලජ්ඡා  සහගත ය. 17 වසරකට පෙර ත්‍රස්තවාදී ගැටුම් අවසන් කරනවිට සීටි ආබාධිත රණවිරුවන් සංඛ්‍යාව තිස්දහස නොඉක්මවී ය. දැන් ඊට ද අඩු ය. ඔවුන් ගේ සුබසාධනය ගැන, ඔවුන් ගේ සතුට ගැන සොයා-බැලීමට බැරි තරමට අපි දුප්පත් ජාතියක් ද?

3). උතුරු හා නැගෙනහිර පළාත්වල සිංහල ජනයා

කුරිරු ත්‍රස්තවාදය අපට පරාජය කිරීමට හැකි වූයේ, දුක්-පීඩා විඳගනිමින් උතුරු හා නැගෙනහිර දෙපළාතේ සිංහල ජනයා සිය නිජබිම්වල ම රැඳී සිටි නීසා ය. ඒ ජනයාට අවම ජීවන මට්ටමක් සහතික කිරීමට වසර 17ක් මදි ද? ඔවුන් ගේ වගාබිම් නැවත ලබාදීමට, අධ්‍යාපන පහසුකම් සැලසීමට වසර 17ක් මදි ද? ඡන්ද බලාගෙන දේශපාලනය නොකර, මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ සඳහා නොපමාව කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

4). දීවිපුදා රැකගත්  ඒකීය රාජ්‍යය ශක්තීමත් කිරීමranav

බෙදුම්වාදීන් ත්‍රස්තවාදය යොදාගත්තේ වෙන ම රාජ්‍යයක් නිර්මාණය කිරීමට ය. ඒ සඳහා අප ගේ ඒකීය රාජ්‍යය බීඳදැමීමට ය. වෙන ම රාජ්‍යයක් ලබාගත නොහැකි වුව ද, අප ගේ ඒකීය රාජ්‍යයට බරපතල හානි කිරීමට ඔවුන් සමත්විය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකව පවතින තාක්, ඒ අනතුර පවතී. රණවිරුවන් ජීවිත පරිත්‍යාග කළේ ද, ගෝඨාභය මහතාට 69 ලක්ෂයක් ජනයා ඡන්දය දුන්නේ ද, ඒකීය රාජ්‍යය රැකගැනීම සඳහා ය; යළි ශක්තිමත් කිරීම සඳහා ය. ඔහු ඒ ප්‍රතිඥාව ඉටු නොකළේ ය,  එය ඉටු කරගන්නා තෙක්, රණවිරුවා යුදබිමේ ලබාදුන් ජයග්‍රහණය, ලක් පොළෝතලයේ තහවුරු නොකරන ලද්දකි. ඒ සඳහා කැපවීම දේශප්‍රේමී ජනී-ජනයා ගේ යුතුකම යි. ත්‍රස්තවාදයට එරෙහි විජයග්‍රහණය සමරණ මේ මොහොත ඒ සඳහා කැපවීමට අධිෂ්ඨාන කරගැනීම සඳහා සුදුසු ම අවස්ථාව යි.

මෙයට,
ජාතික චින්තන සංසදය වෙනුවෙන්,
 

ගෙවිඳු කුමාරතුංග.jpg

 

 

 

 
 
ගෙවිඳු කුමාරතුංග

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න