අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට කොල්ලුපිටිය පොලිසිය පසුගිය 06වන දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වියට්නාම ජාතිකයන් 74 දෙනා තවදුරටත් ලබන ජුනි මස 02 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (21) නියෝග කළේ ය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ රක්ෂිත බන්ධනාාගර ගත කර සිටි සැකකරුවන් බන්ධනාගාරය විසින් විවෘත ධිකණයට ඉදිරිපත් කිිමෙන් අනතුරුව ය.
මෙම පිරිසට වැටුප් ලබා දී ඇති මෙරට කාන්තාව වන මධුෂානි අල්මේධා යන අය මෙම නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කරන බව ද කෝල්ලුපිටිය පොලිසිය වැඩිර වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ ය. ඇය මේ වනවිට ලබා දුන් ලිපිනයේ නොමැති බව ද ඇය අත් අඩංගුවට ගැනිමට තවදුරටත් විමර්ශන සිදු කරන බවත් පොලාසියි කියා සිටියේ ය. සිද්ධිය සම්බන්ධයන් විමර්ශනය කර අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
