එජාප ප්‍රතිසංවිධාන වාර්තාව 29 වනදා කෘත්‍යාධිකාරී මණ්ඩලයට : ඉරාන් ඉල්ලා අස්වෙයි ?

එජාප ප්‍රතිසංවිධාන වාර්තාව 29 වනදා කෘත්‍යාධිකාරී මණ්ඩලයට : ඉරාන් ඉල්ලා අස්වෙයි ?

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටු වාර්තාව එළඹෙන 29 වනදා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නිකුත් කරන බවත් එහිදී ලැබෙන නිර්දේශයන් මත කඩිනමින් තීන්දු තීරණ ගන්නා බවට එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පොරොන්දුවූ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහන් කරයි.

පසුගියදා පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පක්ෂ නායකත්වය අදාළ පොරොන්දුව ලබාදුන් බවත් අග්‍රාමාත්‍යවරයාට පක්ෂව විශ්වාසභංග යෝජනාවේදී ජන්දය ලබාදෙන බවට වන ලියවිල්ලට අත්සන් තැබුණේ එයින් අනතුරුව බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

සිඩ්නිගේ යෝජනාවට මන්ත්‍රී කණ්ඩායමෙන් අත්පොලසන්

එසේම විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයා රැකගන්නා බවත් එහෙත් ඊට පෙර පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුත්ත සාර්ථකව සිදුකල යුතු බවට සිඩ්නි මන්ත්‍රීවරයා කළ යෝජනාව සියළු දෙනා අත්පොලසන් දී අනුමත කල බවද මන්ත්‍රීවරයා පැවසීය.

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුත්තේදී රනිල් නායකත්වයෙන් ඉවත්වීම අනිවාර්යයි

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත රංගේබණ්ඩාර සහ වසන්ත සේනානායක දිගින් දිගටම සඳහන් කර සිටින්නේ පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත්වීම පක්ෂ ප්‍රතිසංවිධාන කටයුත්තේදී සිදුවිය යුතු බවය.

එසේම පක්ෂයේ සිටින ඉහළ නිලධාරීන්ද එම තනතුරු වලින් ඉවත්ව දෙවන පෙළ නායකත්වයට වගකීම් ලබාදිය යුතු බවත් එසේ නොවුණහොත් අග්‍රාමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවේදී සහය දෙන ලියවිල්ලට අත්සන් තැබූ පිරිස්ද ජන්ද විමසීමේදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කල හැකි බවද ඔවුන් අවධාරණය කරයි.

ඉරාන් ඉල්ලා අස්වෙයි ?

මේ අතර දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට නිල නොවන මට්ටමින් වාර්තා වෙයි.

අප මේ පිළිබඳ විමසා බැලීම සඳහා ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධකර ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වුයේ නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න