Image

“මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා” - අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර

“මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා” - අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම පිළිබඳව තමා බලවත් කම්පනයට හා කනගාටුවට පත්ව ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඔහු සඳහන් කළේ, පළමුවෙන්ම මෙම සිදුවීමෙන් මියගිය අයගේ පවුල් වල සාමාජිකයින්ට සිය කනගාටුව හා ශෝකය පළ කරන බවයි.

අධිකරණ අමාත්‍යවරයා ලෙස තමන්ගේ යටතේ පවතින ආයතනයක මෙය සිදුවූ බැවින් ඒ සම්බන්ධයෙන් වගකීම තමන්ට භාර ගැනීමට සිදුවන බවද ,ඉදිරියේදී මෙවැනි දෙයක් සිදු නොවීමට වග බලා ගත යුතු බවද අධිකරණ අමාත්‍යවරයා පැවැසීය.

ඔහු පැවසුවේ මෙම ගැටුම පතාල කල්ලි දෙකක් අතර ප්‍රථමයෙන් ඊයේ (05) රාත්‍රියේ ඇති වී තිබෙන බවද, පසුව බන්ධනාගාර නිලධාරීන් එය සමථයකට පත් කිරීමට සමත්ව ඇති බවයි.  

එහෙත් අද (07) උදෑසන රැදවියන්ට ආහාර ලබා දී ඔවුන් උසාවි ගෙන යෑමට සූදානම් වූ අවස්ථාවේ අදාළ කණ්ඩායම් දෙක අතර ගැටුම නැවත වරක් උග්‍ර වී ඇති අතර, එම ගැටුම විසදීම සඳහා බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වී ඇති බවයි.

එසේම මෙම ගැටුම සිදුව ඇත්තේ නිලධාරීන් සමඟ නොවන බවත් නිලධාරීන් මිය ගොස් තිබෙන්නේ මෙම කණ්ඩායම් දෙක අතර ගැටුම පාලනය කරන්නට මැදිහත් වූ නිසා බව ද  අමාත්‍යවරයා පැවැසීය.

මිය ගිය බන්ධනාගාර නිලධාරීන්ට වෙඩ් වැදී ඇති බවත් රැඳවූවන් අතට ආයුධ ලැබුනේ කෙසේද යන්න සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළ අතර, රැදවූවන්ගේ මෙන්ම  බන්ධනාගාර නිලධරීන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම සිය වගකීමක් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න