විශ්වාසභංගය සම්බන්ධ ශ්‍රීලනිප තීරණය අද (25)

විශ්වාසභංගය සම්බන්ධ ශ්‍රීලනිප තීරණය අද (25)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නිදහස් සන්ධානයේ තීන්දුව අද (25) ගැනීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එම පක්ෂයේ ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ අද ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ උපදේශකත්වයෙන් පැවැත්වීමට නියමිත බවය.

කෙසේ වුවත් මේ වන විට ශ්‍රීලනිප අභ්‍යන්තරයේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව සහ විපක්ෂව මත දෙකක් ඉදිරිපත්වී ඇති බවත් එහෙයින් බොහෝ දුරට විශ්වාසභංගය සඳහා අවසන් තීරණය ජනාධිපතිවරයාගේ තීන්දුව මත තීරණය වනු ඇති බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

Amaraweera 670pxඑන සතියේ තීන්දුවක් ගන්නවා - අමාත්‍ය මහින්ද අමරවීර

එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරන්නේ විශ්වාසභංගය සම්බන්ධව ශ්‍රීලනිප : සන්ධාන තීන්දුව එළඹෙන සතිය තුල ප්‍රකාශයට පත්කරන බවය.

එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොදු තීන්දුව ගැනීමට අපේක්ෂා කරන බවත් පක්ෂයේ බෙදීමක් ඇති නොවන ලෙස එකට සිට කටයුතු කිරීම තම අපේක්ෂාව බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

අලුත් අවුරුද්දට පෙර අලුත් දේශපාලන කතාවක් ඇහෙයි - අමාත්‍ය ඩිලාන්

මේ අතර බදුල්ලේ පැවති ජනහමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කර සිටින්නේ9b5e3c23201c499fb8c94515eb3a267b L අලුත් අවුරුද්දට පෙර දියවන්නාව පැත්තෙන් අලුත් දේශපාලන කතාවක් ඇසීමට නියමිත බවයි.

එහෙයින් මේ දිනවල නිහඬ විප්ලවයක් සිදුකරමින් සිටින බවත් ඒ විප්ලවයේ ප්‍රතිඵල හොඳ මට්ටමින් ලැබෙමින් තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න