කොළඹ කලාපයේ පළාත් සභා සහ පළාත් පාසල්වල පැවැත්වෙන පොදු උත්සව අවස්ථා සඳහා ප්‍රදේශය නියෝජනය කරන සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා පත්‍ර ලබා දිය යුතු බව නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
මෙම ලිපිය කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත.
ඒ පසුගිය 20 වනදා වන අතර එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ අදාළ දේශපාලනඥයන් පාසලේ උත්සව සඳහා පැමිණි විට ඔවුන්ට නිසි ගෞරව දැක්වීම රාජ්‍ය නිලධාරියෙකු ලෙස විදුහල්පතිවරුන් විසින් අනිවාර්යයෙන් කළ යුතු දෙයක් බවය.
බුලත් දෙන්න කියන මන්ත්‍රී ලැයිස්තුව මෙන්න
අදාළ ලිපිය සමඟ පාසල් වල උත්සව සඳහා ආරාධනා කළයුතු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක්ද ඊට ඇතුළත් කර තිබෙන අතර ඒ නවුසර් ෆවුසි, ජයන්ත ද සිල්වා, මොහොමඩ් ෆයිරූස්, අනුරාධ විමලරත්න, අර්ෂාඩ් නිසාම්දීන්, මොහොමඩ් ෆායිස්, එස්. කුහරවර්ධන්, කේ.ටී. කුරුසාමී, මොහොමඩ් අක්‍රම්, සුසිල් කිඳෙල්පිටිය, සුනිල් වටගල, හෙක්ටර් බෙත්මගේ යන නම් ඊට ඇතුළත්ව තිබේ.
කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මෙම මන්ත්‍රීවරුන් නම් කර ඇත්තේ, කොළඹ කලාපයේ සංවර්ධන ව්‍යුහ කමිටු රැස්වීමේ නියෝජිතයින් යන පදනම මත පිහිටා ය.
කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අත්සනින් නිකුත් කල නියෝගය ඇතුළත් ලිපිය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
