අගමැතිට එරෙහි විශ්වාසභංගය සඳුදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

අගමැතිට එරෙහි විශ්වාසභංගය සඳුදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව කතානායකවරයාට බාරදී තිබෙන විශ්වාසභංග යෝජනාව එළඹෙන සඳුදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරන බව පාර්ලිමේන්තුවේ නියොජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල සඳහන් කරයි.

දින 5න් විවාදය සුදානම් !

එසේම න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින 5 කට පසුව එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් වන බවත් ඉන් අනතුරුව ඕනෑම දිනයක විවාදයට ගැනීමට හැකි බවද ඔහු සඳහන් කරයි.

කෙසේ වුවත් පාර්ලිමේන්තු පක්ෂ නායක හමුවේදී මේ වන විටත් එකඟතාව පැමිණ ඇත්තේ අදාළ විස්වාසභංග යෝජනාව අප්‍රේල් 4 වනදා විවාදයට ගැනීමටය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කර සිටින්නේ අදාළ විවාදය පවත්වා ඒ අවස්ථාවේම ජන්ද විමසීම සිදුකල හැකි බවත් කිසියම් මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් වන්නේ නම් නමින් ජන්දය ප්‍රකාශ කිරීමටද අවස්ථාව ලබාගත හැකි බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න