Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

කොරෝනා මරණ සංඛ්‍යාව 14,419 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 20 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,419 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 11 දෙනෙකු කාන්තා ආසාදිතයින් වන අතර ඉතිරි 09 දෙනා පිරිමි ආසාදිතයින් ය.

මියගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 06 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 14 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (03) වාර්තා කරන ලද මෙම මරණ 20 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.