2026 ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ ශූරතාවලිය මේ දිනවල දෝහා කටාර් රාජ්‍යයේ දී පැවත්වේ. එහි දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවිඳු ලියනගෙදර කිලෝගෑම් 60KG බර පංතියේ සමස්ථ බර කිලෝගෑම් 237KG ඔසවමින් රන් පදක්කම දිනාගත් අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ නිපුන් දිසානායක කිලෝගෑම් 65KG බර පංතියේ සමස්ථ බර කිලෝගෑම් 220KG ඔසවමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.
ලෝක විශ්වවිද්‍යාලීය ක්‍රීඩා ඉතිහාසයේ කුමන හෝ ක්‍රීඩාවක ශ්‍රීලාංකික ක්‍රීඩකයකු දිනාගත් පළමු පදක්කම් ලෙස ඉතිහාසයට එක්වීම විශේෂයත්වයකි. මෙම ශූරතාවලිය සඳහා කණ්ඩායම් කළමනාකරු සහ පූණුකරු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපනය උපදේශක සුජාන් වල්ගම්පාය සහභාගී විය.





සටහන - (සමීර මදුසංක හේවා ගමගේ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
