මෛත්‍රීට ගහන්න සූදානම් වෙන දේශපාලන ඩප්පි : බැසිල්ට පත්තුවෙයි !

මෛත්‍රීට ගහන්න සූදානම් වෙන දේශපාලන ඩප්පි : බැසිල්ට පත්තුවෙයි !

වත්මන් ආණ්ඩුවේ පාර්ශ්ව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත චෝදනා එල්ල කිරීමට උත්සාහ කළත්, ජාතිකවාදී සංවිධාන ඊට වෙනස් මතයක් ගැනීම හමුවේ ආණ්ඩුව අභ්‍යන්තරයේ අර්බුදය තවත් ව්‍යාකූල විය හැකි බව දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ බැසිල් විරෝධී පාර්ශ්ව මේ වන විට ශක්තිමත් වෙමින් ඇති බවත් ඒ හමුවේ හිතන තරම් පහසුවෙන් කටයුතු කිරීම ආණ්ඩුවට දුෂ්කර වනු ඇති බවයි.

මේ බව තහවුරු කෙරෙන පුවතක් ජාතිකවාදී සංවිධාන සමග කිට්ටුවෙන් කටයුතු කරන , ආණ්ඩුවේ අමාත්‍ය විමල් වීරවංශ හිතවාදී ලංකා ලීඩ් නිව්ස් වෙබ් අඩවිය ද පළකර ඇත.

ඒ පුවත මෙසේය.

ලංකා ලීඩ් කියන ජාතිකවාදී සංවිධාන මතය මෙන්න !

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අයට දඬුවම් කිරීම සඳහා නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපති තුමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක, වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස්, ඔහුගේ වචන්යෙන්, “ඉස්ලාම් අන්තවාදය පිළිබඳව ඇස් කන් පියාගෙන සිටීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිට දේශපාලන වරදක් පැටවෙනවා.ඒ අර්ථයෙන් ගත්තහම අන්තවාදීන්ට ඇමතිකම් දීල ඔවුන්ව ඉහලට එසවීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඊට වඩා වග කියන්න ඕන.

අන්තවාදීන් නිදැල්ලේ සිටියදී මද්‍රසා පාසල් සියල්ල එසේම තිබියදී මෛත්‍රීගේ ප්‍රජා අයිතිය අහෝසි කළ පමණින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. එයින් පටු දේශපාලන වුවමනාවක් පමණක් ඉටුකරගත හැකියි. පනතක් ගෙන එනවානම් ගෙන එන්න ඕන අපරාධ යුක්ති කොමිෂන් සභාව වගේ කොමිසමක් මගින් අන්තවාදය ප්‍රචලිත කරණ අයටත් දඬුවම් කිරීමටයි. බෝම්බ තියන්න උදව් කළ අයට පමණක් දඬුවම් කරල වැඩක් නැහැ. ඒක කරන්නේ නැතිව වෙන දේවල් කරල 69 ලක්ෂයේ ණය ගෙවන්න බැහැ.”

මෛත්‍රීට ගහන්න යන ගේම් බැසිල්ට පත්තු වෙයි!

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ වත්මන් දේශපාලන පෙළගැසීම තුළ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති කොටුකිරීම දුෂ්කර වනු ඇති බවයි.

සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී අදහස් පතුරමින් පොදුජන පෙරමුණ ආණ්ඩුව වෙත සිංහල බෞද්ධ හැඩය ලබාදුන් සංවිධාන බැසිල් විරෝධී ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි, ඒ තුළ රාජපක්ෂ කඳවුර බෙදීමක් මිස ශක්තිමත් වීමක් පෙන්නුම් නොකරන බවත් විචාරක මතය වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න