වත්ත වටේ ගෑස් පුපුරයි : ප්‍රමිතිය පරීක්ෂා කිරීමට තීන්දුවක් !

වත්ත වටේ ගෑස් පුපුරයි : ප්‍රමිතිය පරීක්ෂා කිරීමට තීන්දුවක් !

රට පුරා ගෘහස්ථ ගෑස් සිලිණ්ඩර අනතුරු දිගින් දිගටම වාර්තාවීම සමග ආනයනික ගෑස් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇත.

මේ බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

මේ වන විට කොට්ටාව , පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉන් ජීවිත හානි සිදුව නැතත්, මුළුතැන්ගෙයි තිබූ දේපොළවලට හානි සිදුව ඇති බවයි.

සිද්ධිය වූ ස්ථානය රජයේ රස පරීක්ෂක විසින් පරීක්ෂාවට ලක්කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

මෙය මෙම මාසය තුළ ගෑස් ආශ්‍රිතව සිදුවූ සිව්වන අනතුරයි. ගෑස් අනතුරු ආශ්‍රිතව ජීවිත හානි පවා වාර්තා වී ඇති බැවින් සමාජයේ දැඩි අවධානයක් මේ සම්බන්ධයෙන් යොමුව පවතී.

එසේම පහත දැක්වෙන්නේ පසුගිය සමයේ සිදුවූ ගෑස් අනතුරු සම්බන්ධයෙන් news 1st පළකල වාර්තාවකි.

තැන තැන වූ ගෑස් පිපිරිලි !

නොවැම්බර් (25)ත් ගෑස් පිපිරීමකින් සිදුවූ අනතුරක් වාර්තා විය. මේ පසුගිය මේ මාසය තුළ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ සිව්වන අනතුරයි.

කොට්ටාව පන්නිපිටිය විද්‍යාල හංදිය ආසන්නයේ නිවසක අද අලුයම මෙම අනතුර සිදුවී තිබුණි.

අනතුරින් නිවසට හානි සිදුව ඇති අතර කිසිවකුටත් අනතුරක් සිදුව නොමැත.

2021 මාර්තු 03 වනදා මරදාන සංඝරාජ මාවතේ පිහිටි හෝටලයක ද ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් පුද්ගලයෙකු මරුට

2021 නොවැබ්මර් 04 වනදා

වැලිගම කප්පරතොට සංචාරක නවාතැන්පළක් තුළ අලුයම පිපිරීමක් . ගෑස් කාන්දුවක් බවට අනාවරණයක්.

2021 නොවැම්බර් 16 වනදා තවත් ගෑස් කාන්දුවකින් රත්නපුර බස්නැවතුම්පළ අතර ගුඩ්ශෙඩ් මාවතේ පෞද්ගලික ආහාර අලවිසැලක පිපිරීමක්

2021 නොවැම්බර් 20 වනදා කොළඹ රීඩ් මාවතේ ගොඩනැගිල්ලක පිහිටි ජාත්‍යන්තර ආහාර සැකසුම් සමාගමකට අයත් අවන්හල් පරිශ්‍රයක තවත් ගෑස් පිපිරීමක්

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ , කොළඹ 07 සහ වැලිගම සිදුවූ අනතුරු දෙක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ අනතුරු බවට නිගමනය කර ඇති බවයි.

කොළඹ 07 අවන්හලේ ගින්න හට ගෙන ඇත්තේ, ද්‍රව පෙට්‍රෝලියම් වායුව අවහන්හල තුළ කාන්දුවී එම අවස්ථාවේ ක්‍රියාකාරීව පැවති විදුලි උපකරණයකින් නිකුත්වූ විදුලි පුලිඟුවක් හේතුවෙන් බව නිවේදයක් නිකුත් කරමින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

පසුගිය අගෝස්තු මාසයේ මාවත විද්වත් කථිකාවට එක්වූ එවක පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා ගෑස් සංයුතිය පිළිබඳව සැකයක් මතු කළේ ය.

”ගෑස් සිලින්ඩරයට SLS එකක් තියෙනවා. යකඩ සිලින්ඩරයට . ගෑස් සංයුතියට කිසිදු ප්‍රමිතියක් නැහැ. ඒ කියන්නේ කොම්පැනියට ඕනේ එකක් ඕකේ දාලා දෙන්න පුළුවන්. මෙච්චර කල් ගෑස්වල සංයුතිය තිබිලා තියෙන්නේ 20 %ක් ප්‍රොපේන්, 80% ක් බියුටේන්. ෆූවල් වැලියු එක තියෙන්නේ බියූටේන්වල. ප්‍රොපේන්වල නෙමෙයි. මේ සංයුතිය මෙච්චර කල් තිබුණා. මේ ලීටර් 18 එක දානවා කියලා කළේ, අර බියුටේන් 50% කරලා , ප්‍රොපේන් 50%කෙරුවා. ප්‍රොපේන් කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ගෑස් එකක්. ප්‍රොපේන් ඩොමස්ටික් ගෑස් එකක් නෙමෙයි. ප්‍රොපේන් කොහොමද ගෙදරක් ඇතුලේ තියා ගන්නේ. වෙන රටවල් වල මේක කරන්නේ නැහැ”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න