ආර්ථික විනාශය පසුපස ඉන්නේ PB : විමල්ගේ චෝදනා අනුර අලුත් කරයි.

ආර්ථික විනාශය පසුපස ඉන්නේ PB : විමල්ගේ චෝදනා අනුර අලුත් කරයි.

රටේ ආර්ථික විනාශය පිටුපස සිටින්නේ පී.බී ජයසුන්දර බවත් අද රටේ සිටින්නේ පී.බී ජයසුන්දර පිටුපස නැටවෙන ජනාධිපතිවරයකු සහ රටේ ඉන්නේ පී.බී ජයසුන්දරගේ ඕනෑ එපාකම් අනුව කටයුතු කරන අගමැතිවරයකු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරයි.

පී.බීගේ එකම සුදුසුකම පවුලකට සල්ලි දෙන එක යැයිද පවුලේ අය සල්ලි ඉල්ලුවම ඔහු කොහෙන් හරි හොයා ඒ මුදල් ලබා දෙන්නේ යැයිද අනුර දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේ අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

විස සහිත ටීඑස්පී පොහොර ආනයනයට අවසර දුන්නේ ආණ්ඩුව බවත් මේ පිටුපස ඇතැම් ඇමැතිවරුන්ද සිටින බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

විස පොහොර නිදහස් කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ ජනාධිපති ලේකම්වරයා සිටි සාකච්ඡාවකදී බවත් මෙම විස පොහොර තොගයේ ආසනික් කිලෝග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් 38ක් තිබෙන බවත් මන්ත්‍රී අනුර දිසානාක සඳහන් කළේය. ලෙඩ් කිලෝවකට මිලි ග්‍රෑම් 49ක් තිබී සොයාගත් බවද ඔහු පැවසුවේය.

මෙම ජාවාරමට සම්බන්ධවුණු ඇමතිවරුන්, නිලධාරීන් ගණනාවකගේ මල්ල තරවූ බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුවේ කාබනික විප්ලවයේ අවසන් ප්‍රතිඵලය මෙය බවද සඳහන් කළේය. මෙම පොහොර ප්‍රමිතියෙන් තොර බවද ඔහු පැවසුවේය.

කාබනික පොහොර ගැන තිබූ ඉතාමත් පැහැදිලි නිරවුල් විශ්වාසය මේ වැඩපිළිවෙළ නිසා විනාශවූ බවත් රටේ කෘෂිකර්මාන්තය මෙම අර්බුදය නිසා අගාධයකට ඇද වැටුණු බවත් ජවිපෙ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අනුර අලුත් කරේ විමල්ගේ චෝදනා !

මීට පෙර එනම්, මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ එවකට අමාත්‍යවරයකු වූ විමල් වීරවංශ ප්‍රසිද්ධියේ චෝදනා කර සිටියේ එවකට ආණ්ඩුවේ මුදල් අමාත්‍යංශයේ ලේකම් වූ පීබී ජයසුන්දර ආර්ථික ඝාතකයකු බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ එදා විමල් වීරවංශ අමාත්‍යවරයා සිදුකළ චෝදනා අද ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අලුත් කරමින් සිටින බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න