ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ නව නිලධාරි මඬුල්ල තෝරා පත්කර ගනී
ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ 39 වන වාර්ෂික මහා සභා රැස්වීම 2026-06-13 දින කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී උත්සවශ‍්‍රීයෙන් පැවැත්විණි.
මෙහි දී 2026-2027 වර්ෂය සඳහා නව නිළධාරී මණ්ඩලය ලෙස පහත සඳහන් අයතෝරාපත් කර ගත්තේ ය.
- සභාපති අතුල ජයකොඩි (සූරිය ප‍්‍රකාශන)
- ලේකම් ලසිත රවීන් උමගලිය (ප‍්‍රතිභා ප‍්‍රකාශන)
- භාණ්ඩාගාරික චාමින් විජේරත්න (ආශිර්වාද ප‍්‍රකාශන)
- උප සභාපතිවරුන් ලෙස කපිල වික‍්‍රමසිංහ (සුසර ප‍්‍රකාශන)
- සමීර රත්නායක (එස්ඇන්ටී ගෲප්)
- උප ලේකම් ලෙස දීපාල් මොරායස් (අකුර පොත් ප‍්‍රකාශකයෝ)
- උප භාණ්ඩාගාරික ලෙස නිශාන්ත වික‍්‍රමතිලක (නිශාන්ත ප‍්‍රකාශන) යන අයතෝරා පත් කර ගත්හ.
එසේ ම නව අධ්‍යක්‍ෂක මණ්ඩලය ලෙස:
- සමුද්‍රිකා ද සිල්වා (සමුද්‍රා ප‍්‍රකාශකයෝ
- චන්දු හපුතන්ත‍්‍රී (සරසවි ප‍්‍රකාශකයෝ)
- කාන්චනා ප‍්‍රියකාන්තා (කේබුක්ස්) ,
- ගාමිණී මොරගොඩ (මින්සර ප‍්‍රකාශකයෝ)
- දිනුෂි වීරමන් (සමයවර්ධන ප‍්‍රකාශකයෝ)
- මොනිකා පුෂ්පකුමාරි (වර්ණ ග‍්‍රැෆික් )
- බුවනෙක වන්නිඅච්චි ( සන්දේශය ප‍්‍රකාශකයෝ)
- විමල් දිසානායක (ඉමාෂි ප‍්‍රකාශන)
- යසංක සෝමරත්න (සංඛ ප‍්‍රකාශන)
- ආරියපාල ඇඹුල්දෙණිය (ආරිය ප‍්‍රකාශන)
- දර්ශන රැලපනාව (දර්ශන මාකටිං)
යන අය තෝරා පත් කර ගත්හ.
Sri Lanka Book Publishers Association
