ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ 52 කට කොරෝනා !

ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ 52 කට කොරෝනා !

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ 52කට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබිම හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ ජී විජේසූරිය සඳහන් කරයි.

ඉදිරි සති දෙක තුළදී මෙම තත්ත්වය වඩාත් දරුණු අතට හැරීමට ඉඩ ඇති බැවින් දරුවන්ව කෙවිඩ් වයිරසයෙන් ආරක්ෂා කර ගැනිමට සෑම වැඩිහිටියෙක්ම කටයුතු කරන්නැයිද අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් විශේෂ ඉල්ලිමක් කරයි.

ළමා රෝහල තුල ප්‍රතිකාර ලැබූ කොවිඩ් වයිරසය ආසාදනය වු දරුවන් 13 දෙනෙකු මේ වන විට මියගොස් ඇතැයි ද සදහන් බව පවසමින් මව්රට වෙබ් අඩවිය මේ බව වාර්තා කර ඇත.

අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

කොවිඩ් ආසාදිත දරුවන් 225 දෙනෙකු ළමා රෝහල තුළ රඳවා තැබීමේ පහසුකම් පවතින බවත් රෝහලට වෙත පැමිණෙන කොවිඩ් ආසාදිත දරුවන්ට ප්‍රතිකාර ලබා දී හෝ වෛද්‍ය උපදෙස් ලබා නොදි හරවා යැවීමට කිසිවිටකත් කටයුතු නොකරන බවත් වෛද්‍ය විජේසූරිය අවධාරණය කරයි.

කොවිඩ් වයිරසය ආසාදන වී රෝග ලක්ෂණ නොපෙන්වන දරුවන් දින තුනකින් නිවෙස් නිරෝධායනය සදහා යොමු කිරිමටත් ශල්‍ය කර්මසඳහා යොමුවන දරුවන් යම් හෙයකින් ආසාදිත තත්ත්වයට පත්ව ඇත්නම් ඔවුන්ව නිවෙස් නිරෝධායනය සදහා යොමු කිරීමටත් කටයුතු කරන බව රෝහල් ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න