අම්පාර සහ මහනුවර කේන්ද්‍ර කරගනිමින් සිදුකල ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් මෙහෙයවූ පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.
පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කර ඇති මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය සඳහා ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ කණ්ඩායම් සහ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාදීමට රටේ සාමාන්‍ය පුරවැසියන්ටද අවස්ථාව විවෘත කර තිබේ.
ඒ අනුව අදාළ තොරතුරු 0113 024 892 , 0113 024 883 යන දුරකථන අංක සහ
මේ මඟින් ලබාගන්නා තොරතුරු විශ්ලේෂණය කර තහවුරු කරගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශන සඳහා අදාළ ආරක්ෂක අංශ වෙත යොමුකරන බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

