මහනුවර සිදුවූ වරද නැවත නොවෙන්න වරදකරුවන්ට දඬුවම් දෙන්න - අගමැති කියයි

මහනුවර සිදුවූ වරද නැවත නොවෙන්න වරදකරුවන්ට දඬුවම් දෙන්න - අගමැති කියයි

මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ කලහකාරී සිදුවීම පිළිබඳ පුර්ණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර ප්‍රදේශයේ පසුගියදා සිදුවූ කලහකාරී සිදුවීම් වලින් ජනතාවට සිදුවූ අලාභහානි පිළිබඳ සොයා බැලීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (10) පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින්ය.

එසේම මෙවැනි සිද්ධි නැවත ලංකාවේ ඇති නොවන්නේ වැරදිකරුවන්ට දඬුවම් කළොත් පමණක් බවත් එවැනි දඬුවමක් ලබානොදුනහොත් මෙවැන්නක් ලංකාවේ වෙනත් තැනකද ඇතිවිය හැකි බව අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.

කලහකාරී සිදුවීම පිළිබඳ තොරතුරු රැසක් මේ වන විටත් පොලිසිය විසින් හෙළිකරගෙන තිබෙන බවත් ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ පවත්වන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාට සහ පොලිස්පතිවරයාට දැනුම්දුන් බවද එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසීය.

තවද ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එකතුවී යන ගමනට හානි සිදුවීමට ඉඩදිය නොහැකි බවත් ඒ ගමනට හානි නොවීම සඳහා ප්‍රශ්න ඇතිවූ ප්‍රදේශ සහ ස්ථාන වලට සංඝයාවහන්සේලා සහ පුජකතුමන්ලා ගොස් ජනතාව දැනුවත් කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රාවුෆ් හකීම්, තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්, ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගීව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න