පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා වන රමිත් රඹුක්වැල්ලව නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
රිය අනතුරකින් සිදුවූ බහින්බස්වීමකදී නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.
වන විට අදාළ ශිෂ්‍යයා ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර සැකකාර රමිත් රඹුක්වැල්ල කොළඹ අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
චණ්ඩි මල්ලිගේ පුතා සහ ලේලි : 13 තෙක් හිරේ
මේ අතර පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ චෝදනාව මත දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ 13 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙන බවද වාර්තා වෙයි.
ඔවුන් 9 වනදා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 10 වනදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
