Image

විමල් විරවංශ ගේ සොහොයුරා රිමාන්ඩ්

විමල් විරවංශ ගේ සොහොයුරා රිමාන්ඩ්

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියේ සැකකරුවෙක් වන හිටපු ඇමැති විමල් විරවංශ ගේ සොහොයුරු සරත් වීරවංශ ලබන 22 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු සම්බන්ධයෙන් නීතිඥ මඩුල්ල සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සැකකරුවෙක් ලෙස නම් කළ අවස්ථාවේ ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ඒ බව ආගාමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙස නියෝග නිකුත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු සැකකරුවෙක් ලෙස නම් කරනු බන බව අධිකරණයට දැනුම් දුන් අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග නිකුත් කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ ඇතුළු දෙදෙනක් ද ඇප මත මුදා හැර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න