Image

කොල්ලකාරි ධනපතියන් ගේ අවශ්‍යතාවට අනුව රට කළමනාකරණය කරන ජවිපෙ

කොල්ලකාරි ධනපතියන් ගේ අවශ්‍යතාවට අනුව රට කළමනාකරණය කරන ජවිපෙ

පොලිසිය, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්නේ අනුර කුමාර ගේ අනු දැනුමකින් තොරව ය. ඉදිරියේ රනිල් සියලු ම නඩුවලින් නිදොස් වනු ඇත.

 

ගෝඨාභය එළවීමේ කුමන්ත්‍රණය

රනිල් ගේ උපකාරය නොලැබුණා නම් ජනාධිපති අනුර කුමාර කෙනෙක් නැත. අනුර කුමාර කෙනක් පෙරට ගත්තේ රනිල් ය. ජාතික ජනබලවේගය ආරම්භය ගැන අධ්‍යනය කරන්න; එය අරම්භයේ ගොඩනැගීමට දායක වුණේ රනිල් ළඟ සිටි ජයම්පති ඇතුළු රාජ්‍යය නොවන ක්‍රියාධරයන් පිරිස යි. පසුව එම පිරිස ම යහපාලනය සේ බලය ගත් මෛත්‍රී ආණ්ඩුව ගොඩනැගීමට දායක වූහ. පසු කලෙක ඔවුන් ගෝඨා පරාජය කිරීම සඳහා මැතිවරණයට තරග කළ නමුත් එය අසාර්ථක විය. ගෝඨා IMF එකෙන් ඉවත් වීමත් සමග බටහිරට සහ ඇමෙරිකාවට ගෝඨා එළවීමට අවශ්‍ය විය. රට තුළ කෘතීම තෙල් හිඟයක් ඇති කළේ ය; ජනතාව විදී බැස්සේ ය; එය ගෝඨා පලවා හරින තත්වයට වර්ධනය වුව ද, විප්ලවීය වෙනසක් කිරීමට අසමත් විය. එයට හේතුව එයට නායකත්වය දුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශක්තිමත් සංවිධන ජාලයක් රට පුරා නොතිබීමයි.

 

ඝාතන සංස්කෘතිය අනුමත කරන ආණ්ඩුව

රනිල්, ඇමරිකාව, වාණිජ මණ්ඩලය සහ රෝ සංවිධනය සමග ඩීල් දමාගත් ජවිපෙ පැත්තක සිට අරගලය කොල්ල කා සමාජවාදය ගැන කතා කරමින් බලය ගත්තේ ය. දැන් ඔවුන් අංශ 90ක් ආපස්සට හැරී මෙතුවක් රට පාලනය කළ ධනපති පාලකයින්ට කරන්න බැරි වූ ධනපති පංතියේ කොල්ලකාරි ධනපතියන් ගේ අවශ්‍යතාවට අනුව රට කළමනාකරණය කර දෙමින්, පීඩිතයින් වළ පල්ලට ඇද දමමින්, ඇතැමුන් ඝාතනය කරමින්, ඝාතනය කරන අයට කුඩු හෝ පතාලා ලේබල අලවමින්, ඝාතකයින් වූ ආරක්ෂක අංශයේ සමාජිකයන් බදා ගනිමින්, තම පංතිය ආරක්ෂා කරන්න ගොස් මිය ගිය නිලධාරීන් ගේ හදවතෙහි පැන නගින සෝකයෙන් හඬමින් ඝාතන සංකෘතිය අනුමත කරමින් සිටී.

 

රට කෙමෙන් කෙමෙන් පැසිස්ට් පාලනයක් කරා...

මේ වන විට ඊනියා අන්තරයක් ගොඩනගා සිසු ව්‍යාපාරය දුර්වල කර, බෙලහීන කර ඇත. ගොවියන් පීඩනය දරා ගැනීමට බැරිව සටන් බිමට පැමිණ ඇත. ඒවාට නිසි විප්ලවාදී නායකත්වයක් දීමට වමේ ව්‍යාපාරය අපොහොසත් වී ඇත. ඒවා ඉදිරියේ පැරණි පාලකයින් සරණ යනු ඇත. දැනට නිදා සිටින කම්කරු ව්‍යාපාරයට ද නිසි නායකත්වයක් නොමැතිව ඉබාගාතේ ඇවිදින තත්වයකට පත්ව ඇත. ඒවාට ද නායකත්වය දීමට වමේ ව්‍යාපාරය අපෝසත් වී ඇත. පාලක අනුර කුමාර ඇතුළු පිරිස බලය ගැනීමට පෙර ජනතවට දුන් එකදු පොරොන්දුවක් වත් ඉටුකිරීමට බැරිව ගලේ පැහැරූ බලලා ගේ තත්ත්වයට පත්ව ඇත. දැන් ඔවුන්ට පවතින නීති රාමුව තුළ ගමන් කිරීමට බැරි තත්ත්වයට පත්ව ඇත. ඔවුන් ජනතාව මර්ධනය කිරීමට අවශ්‍ය නීතිරීති අණ පනත් සම්මත කරමින් තමන් ට හිලෑ තමන්ට අවශ්‍ය අයුරින් තීන්දු තීරණ දෙන විනිසුරුවන් පත් කිරීමට පිඹුරුපත් සකසමින් ඉන්නා අයුරු ජනතාව ද වගක් නැතිව බලාගන සිටි රට කෙමෙන් කෙමෙන් පැසිස්ට් පාලනයක් කරා ගමන් කරමින් සිටී. පසුගිය වසර 76 අත් නොදුටු නරක ම කාල පරිච්ඡේදයකට රට ගමන් කරමින් සිටින අතර ලබන වසර මැද බාගය වන විට වමේ ව්‍යාපාරය ද එය අත් දකිනු ඇත.

 

කැකිල්ලේ යුගයකින් පොල්පොට් යුගයකට...

නිතිය යනු පාලකයා ගේ කැමැත්ත බවට පත්ව තිබේ. මේ දිනවල තමන්ට අවශ්‍ය ආකාරයට තීන්දු දෙන විනිසුරුවන් රඳවා ගැනීම සඳහා වසර දෙකකින් ඔවුන්ගේ කාලය දිගු කිරීමට පාලකයා කටයුතු කරන අයුර ඔබ දකිනු ඇත. ඉදිරියේ හිටපු පාලකයන්ටත් වඩා පොලිසිය සහ අධිකරණ පද්ධතිය දුෂිත බව ඔබ දකිනු ඇත. කැකිල්ලේ රජුගේ යුගයට ඔබ රැගෙන ගොස් පොල්පොට් යුගයකින් කෙළවර වනු ඇත. ජූලි පහ සහ හය දින දෙකේ දී මීගමුවේදී දුටු දේ ඔබ හෙට මහා පාරේ දී දකිනු ඇත.

 

WhatsApp Image 2026 07 14 at 6.00.44 AM

 

 

 

Gamine Wasantha Vandakoon

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න