ඇමති මලික් හා එජාප ආසන සංවිධායකයින් ගැටෙයි

ඇමති මලික් හා එජාප ආසන සංවිධායකයින් ගැටෙයි

අමාත්‍ය මලික් සමරවික්‍රම එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමේදී අත්තනෝමතික ලෙස බලය පාවිච්චි කරන බවට පක්ෂ අභ්‍යන්තරයේ බරපතල විරෝධයක් මතුව ඇති බව වාර්තා වෙයි.

ඊට ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වන්නේ එජාප ආසන සංවිධායකයන් විසින් පළාත් පාලන ආයතන සඳහා නම් කළ නියෝජිතයන් වෙනුවට වෙනත් නියෝජිතයන් ඒ සඳහා නම් කිරීමට එජාප සභාපතිවරයා කටයුතු කිරීමය.

සිරිකොතේ උණුසුම් තත්ත්වයක්

එසේම අදාළ නම් කපා හැරීම සම්බන්ධව විමසා සිටීමේදී පවා ඊට පිළිගත හැකි පැහැදිළි පදනමක් දැක්වීමට පක්ෂ සභාපතිවරයා අසමත් බවත් ඊයේ (9) සිරිකොත පක්ෂ මුලස්ථානයේ මේ සම්බන්ධව දැඩි වාද විවාද සහ විරෝධතා පැවැත්වුණු බවද වාර්තා වෙයි.

නායකයාගේ යාළුකම හැර මලික්ට තියෙන්නේ වෙන මොනවද ?

අමාත්‍ය මලික් සමරවික්‍රම එජාප සභාපතිවරයා ලෙස තවදුරටත් මේ ආකාරයට අත්තනෝමතිකව බලය පාවිච්චි කරන්නේ නම් ඔහුට එරෙහිව අඛණ්ඩ විරෝධතාවක් දියත් කිරීමට කටයුතු සුදානම් වෙමින් ඇති බවද වාර්තා වෙයි.

තවද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ඇති දැඩි මිත්‍රත්වය හැරුණු විට එජාප සභාපතිත්වය දැරීමට මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට වෙනත් කිසිඳු දේශපාලන සුදුසුකමක් නොමැති බවත් කිසිදිනක මැතිවරණයකට ඉදිරිපත්වී ජයග්‍රහණය කර නොමැති සහ කිසිඳු ජනපදනමක් නොමැති මෙවැනි පක්ෂ නිලධාරීන් පක්ෂයේ ඉදිරි ගමනට හානියක් පමණක් බවද මලික් විරෝධී පාර්ශව සඳහන් කරන බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න