"මේක ජාතිවාදය නෙමේ, මෙතන ආවේ මංකොල්ල කන්න"

"මේක ජාතිවාදය නෙමේ, මෙතන ආවේ මංකොල්ල කන්න"

සිංහල ජනතාව සමග සමගියෙන් සහ සාමයෙන් දිවි ගෙවූ තමන්ට මෙලෙස පහරදීම පිළිබඳ බරපතල කනගාටුවක් දැනෙන බව මුස්ලිම් විරෝධී ප්‍රහාරවලට ලක් වූ මහනුවර ප්‍රදේශවාසීහු පැවසූහ.

mohomedප්‍රහාරකයන් බොහෝ දෙනා ජාතිවාදීන් නොව "මංකොල්ලකරුවන්" බවත් ගිණි තබා විනාශ කරන ලද නිවෙසක වෙසෙන තරුණයෙකු වන මොහමඩ් ෆෛසූල් පැවසීය.

උපන් දා සිට සිංහල ජනතාව සමග සාමයෙන් සමගියෙන් ජීවත් වූ තමන්ට මෙලෙස සැලකුවේ මන්දැයි කනගාටුවෙන් යුතුව ඔහු ප්‍රශ්න කළේය.

 "මේ මිනිස්සුන්ගෙන් බලන්න අපි ජාතිවාදයට ගියාද කියල? මංකොල්ලත් කාල තියෙනව මේ. නංගි ලඟදි බැන්දේ. නංගිගේ, අම්මගේ රත්තරන් බඩු ඔක්කොම මංකොල්ල කාල," මොහමඩ් ෆෛසූල් වේදනාවෙන් යුතුව සඳහන් කළේය.

"මේ මිනිස්සු ජාතිවාදයක් නෙවෙයි මංකොල්ල කන අදහසින් ආවේ."

මේ අතර බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ සිය ව්‍යාපාරික ස්ථානය අහිමි වූ තරුණයෙකු වන එස් මොහමඩ්, තමන්ට රුපියල් ලක්ෂ හතලිහක පමණ පාඩුවක් සිදු වූ බව පැවසීය.

"අපෙන් වෙච්ච වැරැද්දක් නෙවෙයිනේ මේක," ඔහු පැවසුවේ සිය ව්‍යාපාරයට සිදු වූ විනාශය පෙන්වා දෙමිනි.

මෙම ප්‍රහාරවලට මුල් වූයේ පහරකෑමට ලක් වූ පූජාපිටියේ විසූ සිංහල ජාතික රියදුරා රෝහලේදී මියයාමය.

ඔහු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති.

ඒ හැරුණු විට මුස්ලිම් විරෝධී ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න