මහනුවර ප්‍රහාරයන්ට එරෙහිව එංගලන්තයේ විරෝධතා !

මහනුවර ප්‍රහාරයන්ට එරෙහිව එංගලන්තයේ විරෝධතා !

මහනුවර තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කර දියත් කර ඇති ජාතිවාදී ප්‍රහාරයන්ට එරෙහිව එංගලන්තයේ ලෙස්ටර් (Leicester) ප්‍රදේශයේ වාසය කරන ශ්‍රී ලාංකික සම්භවය ඇති මුස්ලිම් එරටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

පසුගියදා මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වා ඇත්තේ Humberstone Gate අසලදීය.

එම පිරිස ‘අපට සාමය අවශ්‍යයි. අපේ අයගේ ව්‍යාපාර ගිනි තියලා.රජය මේ ගැන බැලිය යුතුයි-අපි ඔක්කොමගෙ එකම ලේ‘ ආදී ලෙස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙසේ විරෝධය පළකර ඇත.

එසේම එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සංවිධායකයින් සඳහන් කර ඇත්තේ මෙතෙක් කාලයක් සාමකාමීව සිටි සිංහල මුස්ලීම් ජනතාව භේද කිරීම වෙනුවෙන් අවුරුදු 6 ක පමණ කාලයක සිට පාර්ශව කිහිපයක් උත්සාහ කරමින් සිටින බවත් එම කඩාකප්පල්කාරී ක්‍රියාව කඩිනමින් වළක්වා සහෝදර ජනකොටස් වලට සාමකාමීව සිටීමට අවස්ථාව උදාකිරීමට බලකිරීමක් ලෙස සිය විරෝධතාව සංවිධානය කල බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න