"චණ්ඩි මල්ලි"ගේ පුතා සහ ලේලි ගිනි අවියක් සමඟ පොලිස් අත්අඩංගුවට

"චණ්ඩි මල්ලි"ගේ පුතා සහ ලේලි ගිනි අවියක් සමඟ පොලිස් අත්අඩංගුවට

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. කසුන් හා ඔහුගේ බිරිද පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධව තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මන්ත‍්‍රීවරයා හා ඔහුගේ බිරිද විසින් මෙසේ පහර දී ඇත්තේ පුද්ගලික බස් රථ රියදුරෙකුට වන අතර දෙපාර්ශවය අතර සිදුවූ බහින්බස් වීමක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇත.

මාර්ග අංක 177 ඔස්සේ ධාවවනය වූ මෙම බස් රථය තලංගම කොස්වත්තේදී නවත්වා මෙම පහර දීම සිදුකර කර ඇත.

පොලිසිය විසින් පළාත් සභා මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබු පිස්තෝලය සහ ජීව උණ්ඩද අත්අඩංගුවට ගෙන ඇති අතර මන්ත‍්‍රීවරයා විසින් රියදුරාට පහර දෙද්දී මන්ත්‍රී බිරිඳ පිස්තෝලයක්ද ඇතැතිව ‘තොපිල දන්නෙ නෑ කුඩුවෙන්න තියෙන්’ යයි කියමින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි සංසරණය වෙමින් තිබේ.

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. කසුන් මීට පෙර ඝාතනය වූ හිටපු දකුණු පළාත් මන්ත්‍රී එම්.කේ. රංජිත් (චණ්ඩි මල්ලී) ගේ පුත්‍රයාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න