එන්නත් ප්‍රමාදය අස්සේ : ආණ්ඩුවෙන් යළිත් පැණි වෙඩි මුර !

එන්නත් ප්‍රමාදය අස්සේ : ආණ්ඩුවෙන් යළිත් පැණි වෙඩි මුර !

කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කරන ලද එන්නත් ලබා ගැනීමෙන් විවිධ සංකූලතා මෙන්ම මරණද වාර්තා වන බවත් දේශීය ඖෂධයක් හෝ පැණියක් භාවිතා කිරීමෙන් සංකූලතා ඇති වූ හෝ මිය ගිය කිසිදු පුද්ගලයෙක් නැති බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

එවන් කිසිවෙකු ඇත්නම් ඒ ගැන සාක්‍ෂි ඉදිරිපත් කරන්නැයිද ඔහු සඳහන් කළ අතර ඒ පසුගියදා  පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්ය.

කොරෝනා මැඬලීම සඳහා දේශීය ඖෂධ ඉදිරිපත් වන සෑම අවස්ථාවකම ඒ සඳහා වන පරීක්ෂණ ක්‍රියාවලියකට ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා පැවසූ අතර එය රජයක් ලෙස කළයුතු කාර්යයක් බව ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ උදම් අනන්නේ ආණ්ඩුවේ මැති ඇමැතිලාගේ රංගන දායකත්වය  සහ ආණ්ඩු හිතවාදී පෞද්ගලික මාධ්‍ය හරහා ප්‍රචලිත කෙරුණු කුප්‍රකට ධම්මික පැණිය අදාළ සායනික පරීක්ෂණ අසමත්ව පැත්තකට විසිකරන්නට සිදුව ඇති පසුබිමකය.

කාලි වරමින් කියමින් කරළියට ගෙනා පැණිය ප්‍රචලිත කරන්නට ආණ්ඩුවේ මැති ඇමතිලා පමණක් නොව කතානායක ද එක්වූ අතර ඒ ලංකාව මිත්‍යාවෙන් පිරුණු රටක් බව ලෝකය හමුවේ තහවුරු කරමින්ය.

එසේම මේ වන විට නිවැරදි පුරෝකතනයක සිට වේලාසනින්  වැක්සීන් ඇණවුම් කිරීමට අසමත්වීම හේතුවෙන් නිසි ලෙස එන්නත්කරණ කටයුතුද සිදුකර ගැනීමට නොහැකිව පසුවෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න