ඊළඟ නීතිපති ?

ඊළඟ නීතිපති ?

මේ මස අවසානයේ වත්මන් නීතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම යන අතර පාර්ලිමේන්තු කවුන්සිලය විසින් වැඩබලන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මීළඟ නීතිපතිවරයා ලෙස සලකා බැලීමට නියමිත බව කථානායකවරයා පවසයි.

එම තීරණය ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභා රැස්වීමේදී සලකා බැලීමට නියමිතය.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩබලන නීතිපති ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් පත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති බවත් වාර්තා වෙයි.

සංජය රාජරත්නම් මෙම ධූරයේ වැඩබැලීම සඳහා පත් කර ඇත්තේ, සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගේ වැඩ තහනම් කිරීම හේතුවෙනි.
 
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග දුරකතන සංවාදයක යෙදීමෙන් වෘත්තීය ආචාර ධර්ම කඩ කළේ යැයි චෝදනා එල්ල විමෙන්ය.
 
ඒ, අනුව සංජය රාජරත්නම් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන අතර නීතිපති තනතුර සඳහා ඔහු සියලු සුදුසුකම් සපුරා ඇති බව ද වාර්තා වේ.

.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න