බහුජාතික සමාගම්වල අනුදැනුම හා මෙහෙයවීම මත සමහර රජයේ ආයතන මේ නව නිපැයුමට (කුරුඳු සිගරැට් එකට ) "බාල්දි පෙරළීමට" බලා සිටින බවත් අවධාරණය කළේ නීති පොතේ කුමන වගන්ති පැවතියද නව නිෂ්පාදනකරුවෙකගේ නිෂ්පාදන ඉදිරියට ගෙන යාමට කර්මාන්ත ඇමැතිවරයා ලෙස තමන් කැප වන බව අමාත්‍ය විමල් වීරවංශ පැවසීය.
ඒ සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද සිගරැට්ටුව ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.
කොළඹ කිංග්ස්බරි හෝටලයේදී ඊයේ (17) පැවති මේ හමුවේ දී අදාළ සිගරැට්ටුව මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය. කෙසේ නමුත් උග්‍ර බැසිල්වාදියකු ලෙස ප්‍රකට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් විමල් වීරවංශ අමාත්‍යවරයා ගේ ක්‍රියාව විවේචනය කර ඇත.
එය පහත දැක්වෙයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
