ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නඩුවේ විත්තිකරුවන් 08 දෙනා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද (17) නියෝග කර තිබේ.
ඒ අනුව හිටපු අමාත්‍ය රවී කරුණානායක , අර්ජුන් ඇලෝසියස් ඇතුළු 8 දෙනෙකු බන්ධනාගාර ගතකර ඇත. එම නඩුව අද කැඳවනු ලැබුවේ, දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ එම්.ඉසඩීන් යන විනිසුරු මඩුල්ල හමුවේදීය.
නඩුව අද දින කැඳවු අවස්ථාවේදී විත්තිකරුවන්ට ඇප ලබාදීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජනසුන්ර දැඩි විරෝධයක් පළකර ඇත.ඒ අනූව
විරෝධය පිළිගත් විනිසුරු මඩුල්ල විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
