Language Switcher

V2025

COVAX පහසුකම යටතේ මෙරටට ලැබෙන පළමු එන්නත් තොගය

වැඩිහිටි ජනගහනය සඳහා ප්‍රමුඛතාවය දිමට, යුනිසෙෆ් විසින් COVAX පහසුකම හරහා මිලදී ගන්නා ලද එන්නත් මාත්‍රාව 264,000 ක් පළමුවරට එන්නත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබන සතියේ සිට ආරම්භ කරනු ඇත.

යුනිසෙෆ් ආයතනය COVAX පහසුකම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පළමුවෙන්ම සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති සමස්ත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාණයවන මිලියන 1.44න් කොටසක් ලෙස මාත්‍රා 264,000ක තොගයක් මාර්තු, 07 වන ඉරීදා ශ්‍රී ලංකාව වෙත සම්පාදනයකර ඇත.

යුනිසෙෆ් ආයතනයේ මූලිකත්වයෙන් COVAX පහසුකම හරහා සම්පාදනය කරඇති මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික විහිදුම් හා එන්නත්කරණ සැලැස්ම ශක්තිමත් කරන අතර ඉදිරි කාලය තුළදී ජනගහනයෙන් සියයට 20කට තීරණාත්මක එන්නත්කරණ සහාය සම්පාදනය කරනු ඇත.

COVAX යටතේ සැපයෙන මෙම පළමු මාත්‍රා 264,000 කොවිඩ්-19 වසංගතයෙන් වඩාත් ම අවදානම්සහගත බලපෑමකට ලක්ව ඇති ප්‍රදේශවල ජීවත්වන අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන්ට එන්නත් කෙරෙනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ COVAX පහසුකම අතර ඇතිකර ගත් ගිවිසුමේ කොටසක් ලෙස සහ නිෂ්පාදකයන්ගෙන් ලැබෙන පරිදි සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුවෙන් බලය පැවරෙන පරිදි මාත්‍රා මිලියන 1.44 යුනිසෙෆ් ආයතනය විසින් 2021 මැයි මස අවසානය දක්වා අදියරෙන් අදියර සම්පාදනය කෙරෙනු ඇත.

ලොව විශාලතම තනිඑන්නත් ගැනුම්කරුවාවන යුනිසෙෆ් ආයතනය මේ වනවිට 2021 වසරේ දී ගෝලීය පරිමාණව කොවිඩ්-19 එන්නත් බිලියන 2ක් බෙදාහැරීමට සැලසුම්කර ඇත.