පොල්කට්ටක් තුළ ජීවත්වීමේ කරුමය..!

පොල්කට්ටක් තුළ ජීවත්වීමේ කරුමය..!

බටහිර මේ දවස්වල තියන උපරිම අවුල් කියල හිතන්න පුළුවන්, ප්‍රසිද්ධ ස්ථානවල අඩ නිරුවතින් හැසිරීම සහ ආදරය කිරීම ගැන වඩාත් ආන්දෝලනාත්මක එග්සාම්පල් එකක් තමයි කෙන්යේ වෙස්ට් සහ එයාගේ අලුත් වයිෆ් බියන්කා. උන් දෙන්න යන යන හැම තැනම වගේ මේ දවස්වල තියෙන්නේ හිට් වෙන ප්‍රවෘත්ති.

ඇත්තටම උන් දෙන්නට ගලවන්න සිප් එකක් නැහැ. එන්නේ යන්නේම සිප් නැතුව. යුරෝපයේ විදීවල දරුවෝ වැඩිහිටියෝ පොලිස්කාරයෝ වගේ හැම කෙනෙක්ම වගේ බලාන ඉන්නවා. හැබැයි මහලොකුවට මුකුත් කරන්නේ නැහැ.

අපි බටහිර වගේ වෙන්න ඕනි නැහැ. අපි කෙන්යේ හෝ බියන්කා වෙන්න ඕනිත් නැහැ.

හැබැයි ලෝකයේ මිනිස්සු මිනිස් නිදහස ගැන නොයෙක් නොයෙක් ආකෘති අත්හදා බලමින් ඉන්නවා. LGBT+ වල ඉඳන් බොහෝ දේවල් දක්වා.

ඒවා ඔක්කොම හරිද වැරදිද කියල කියනවට වඩා කියන්න තියෙන්නේ ඒ හැම ජීවිතයකටම පොලිසිය කඩා පනින්නේ නැහැ කියන එක. එයාල ජීවත් වෙන්නේ පොලිසියෙන් දෙන ෆෝම් පුරවල නෙවෙයි.

තේරුම් ගන්න ඕනි දේ තමයි අපි දැන් ජීවත් වෙන්නේ ගෝලීය ලෝකෙක කියන එක. පොල්කට්ටක් අස්සේ නෙවෙයි.

මොනවා හෝ මිනිස් ගතිකයක් ගැන, මිනිසුන් ආගමෙන්, රාජ්‍යයෙන්, පොලිසියෙන් මිදිලා දිනාගත්ත මොනවා හරි නිදහසක් ගැන, වැලන්ටයින් පියතුමාල ජීවිතය දීල මිනිස් සංහතිය වෙනුවෙන් දින්ගත්ත මොනවා හරි දෙයක් ආපසු හැරවෙන අපි අපේ ජීවිතවල අත්දකින අඳුරුම යුගයක් මේක.

අපිට අපේ පරම්පරාවට ආව සියලු මර්ධනයන් එක්කත් මීට වඩා යම් නිදහසක් තිබ්බ. හැබැයි දැන් ඒකත් නැහැ.

මේ රාජ්‍යයක් විසින් මිනිස් නිදහසට සහ පැවැත්මට කරන නරකම මැදිහත්වීමක්.

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

FB IMG 1696174757245

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න