අද වන විට සමාජයේ: භීෂණය රජ වී, පාතාල කල්ලි, මිනිමරු කල්ලි, ඝාතන කල්ලි සමාජයේ පාලනය ඔවුන්ගේ අතට ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
පසුගිය දින කිහිපය පුරාම අගවිනිසුරුවරයාට තවත් වසර දෙකක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුව පිඹුරුපත් සකස් කර තිබිණි. නමුත් මෙහිදී විපක්ෂයෙන් හඬක් මුලින්ම නැගුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ය.
80 දශකය තෙක් මාධ්‍යවේදියා මෙන් ම මාධ්‍යය ද කිසියම් ප්‍රමිතිගත තත්ත්වයක පැවත, 83 ජූලි කලබලයෙන් ඉක්බිති ඇතැම් මාධ්‍ය ජාතිවාදයට නැඹුරුව, මින් විසිපස් වසරකට පෙර මාධ්‍යවේදියා සහ මාධ්‍ය අවප්‍රමාණයට ලක් වූ බවත් එම විසිපස්වසරින් ඉකිබිති කවුරුන් හෝ මාධ්‍යවේදියා ගේ හෝ මාධ්‍යයේ සමාජ විද්‍යාව සොයා ගන්නේ නම් එය, අපූරු සොයාගැනීමක් විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 52%ක දායකත්වයක් දළ දේශිය නිෂ්පාදනයට ලබා දුන්න ද ඊට සාපේක්ෂව පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග අර්බුදය දක්වා අර්බුද රැසකට මොවුන් මුහුණ දුන් බවත් IMG කොන්දේසියක් මත සෙස් බද්ද ඉවත් කරන්න රජය සූදානම් වීමෙන් දේශීය කර්මාන්තකරුවන්ට බරපතල අගතියක් සිදුව රැකවරණය අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
නිදහස් අධ්‍යාපනය අප රට සතු වටිනාම සම්පතක් වන අතර මෙය අපේ රටේ සුබසාධන රාජ්‍යයේ ද අති වැදගත් අංගයක් වී ඇති බවත්, අභියෝග දුක් කම්කටොලු බාධා රැසක් මැද නිදහස් නිවහල් අධ්‍යාපනය රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා ඇතුළත් කර සිටියේ අධ්‍යාපනය තුළ සියලු දෙනාට සර්ව සාධාරණ අයිතියක් ලබා දීමට යැයි ද විපක්ෂ නායකවරයා පැවසී ය.
එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න රටේ බහුතර ජනතාවක ගේ මතය යැයි සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක පැවසී ය.
අනාගතයේ දී පැමිණීමට නියමිත එල්නිනෝ තත්ත්වය මුහුණ දීම සඳහා කඩිනමින් ම කාර්ය සාධන බළකායක් ස්ථාපිත කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කම්කරු තනතුරේ සිට රසායනාගාර සහකාර තනතුර දක්වා මෑන් පවර් සේවකයන් 2000ක් වාර්ෂිකව කොන්ත්‍රාත් පදනම මත සේවයේ යොදවා ඇති බැවින් මේ අය වසර 25 දක්වා විශාල කාලයක් තුළ සේවයේ නියැළී ඇති, විවිධ දක්ෂතා ඇති මේ සියලු දෙනා ස්ථිර කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
පිටපිට අවස්ථා ගණනාවක් මංමුළා වී වැරදි තීන්දු ගත් යුගයක, ඒ වැරදි තීන්දුවල ප්‍රතිඵල ලක්ෂ 220 ජනතාව අත්විඳින යුගයක, දක්ෂිණාංශික වාමාංශික නොව පොදු ජන කඳවුර ශක්තිමත් කළ යුතු බවත්
දින ගණනාවක් පුරා ගෑස් හිඟයක් පවතින බැවින් පාරිභෝගිකයා අසරණ වී, ගෑස් පෝලිම් නිර්මාණය වී ඇති බවත්, ගෑස් හිඟයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාපයක සුපිරි වෙළෙදසැලක් ආසන්නයේ නවතා තිබූ රථයක් තුළ සිටි නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් මෙතෙක් නොවූ විරූ බරපතළ තත්ත්වයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ජනතාවගේ හිසමත බරපටවා අසීමිත පීඩනයක් ඇති කර අයි. එම්. එෆ්. කොන්දේසිවලට එහා ගොස් ජනතාවගේ අරමුදල් සූරා කෑ අයවැයක් ලෙස මෙම අයවැය දකින එයට එයට විරුද්ධ වූයේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මේ වන විට බරපතළ අවදානම් රැසකට රටක් ලෙස මුහුණ දෙන බවත් මැදපෙරදිග යුද්ධය අපේ රටින් පරිබාහිරව සිදු වුවත්, එයට අපට රටක් ලෙස වගකිවයුතු නොවූවත් රජය වගකීම සහ වගවීම සිදු කළ යුතු වැදගත් දෙයක් වන්නේ මේ යුදමය තත්ත්වය ගැන පූර්වයෙන් සූදානම් වීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
අප රටේ සෑම දේශපාලන පක්ෂයක් ම රජය ද අදටත් මේ වතුකරයේ ජනතාව වතු කම්කරුවන් ලෙස හැඳින්වුව ද මේ ජනතාව මෙරට ඉඩම් හිමිකම සහිත වතු ව්‍යවසායකයන් ලෙස බලමුළු ගන්වන බව විපක්ෂ නායකවරයා පැවසීය.
ව්‍යවස්ථා සභාවේ ස්වාධීන නියෝජිතයින් තිදෙනා ගේ සේවාව තව දුරටත් ලබා ගැනීමට නම් විපක්ෂ නායක කළ යුත්තේ අගමැතිනිය ගේ යෝජනාවලට එකඟතාවය පළ නොකර සිටීම යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
සිකුරාදා අයවැය අනුමත කර ගන්න පෙර වත්මන් අයවැය ආපදාවෙන් පසු රටේ තත්ත්වයට සුදුසුද කියා සොයා බැලිය යුතු බවත්, තව දින ලබා ගෙන විපතට පත් ජනතාවට සහන සලසන ආපදාවට ලක් වූ ප්‍රදේශ ගොඩනගන නව අයවැයක් සකස් කිරීම සුදුසු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
රටේ කිසිදු අර්බුදයක් නොමැති බවට රජය ප්‍රකාශ කළ ද, මේ වන විට නොරොච්චෝල බලාගාරය කේන්ද්‍ර කරගනිමින් බරපතල ජාතික අර්බුදයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
නඩු ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ මේ වනවිට ගොඩගැසී ඇති මුළු නඩු සංඛ්‍යාව මිලියන 1.1 කට වඩා අධික බව අධිකරණ අමාත්‍යාංශයේ දත්ත වාර්තා පෙන්වා දී තිබෙන අතර එම නඩු ප්‍රමාණයට සාපේක්ෂව විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ කර නොමැතිවීමත්, නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමත්, රජයේ රසපරීක්ෂක වාර්තා, රජයේ තක්සේරු වාර්තා ප්රමාදවීමත් මෙම නඩු ප්‍රමාදයට හේතුවක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව දන්වමින් විපක්ෂ නායකවරයා ප්රමුඛ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
සමගි ජන බලවේගය ප්‍රතිපත්ති අනුව සහ සජබ නායකත්වයෙන් ජනතා ගැටලු වලට විසැදුම් ලබා දීම සඳහා එකට වැඩ කිරීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
එම එකතුවේදී පක්ෂ වල අනන්‍යතාව රැක ගෙන කටයුතු කරන බව විපක්ෂ නායකවරයා කීය.
එකතු වීම අවස්ථාවාදී දේශපාලනය ඉලක්ක කර ගෙන නොව ප්‍රතිපත්ති ගරුකව රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසැඳුම් සැපයීමේ අරමුණින් සිදුවිය යුතු යැයිද සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ මහනුවර අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මැතිවරණය තියෙනවා නම් දිනය ප්‍රකාශ කරන ලෙස මෙහිදී සඳහන් කළ විපක්ෂ නායකවරයා මැතිවරණයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සූදානම් බව අවධාරණය කළේය.
''ඕනෑම ලිට්මස් පරික්ෂණයකට අපි සූදානම්. ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න'' විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී ආණ්ඩුවට අභියෝග කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

