මතභේදයට තුඩු දුන් හයේ ඉංග්‍රීසි මොඩියුලයේ පාඩම ඉවත් කරන්න අනුමැතිය

මතභේදයට තුඩු දුන් හයේ ඉංග්‍රීසි මොඩියුලයේ පාඩම ඉවත් කරන්න අනුමැතිය
මතභේදයට තුඩු දුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ එම පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ඉකුත් (06) එම අනුමැතිය ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අද පාර්ලිමේන්තුවේදි අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

අදාළ මොඩියුලයේ පැනනැගී ඇති ගැටලුව පිළිබඳ අද පාර්ලිමේන්තුවේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

"සංකල්ප පත්‍රිකාව අධ්‍යයන උපදේශක සභාවේ සාකච්ඡාවට ගත්තා ඒක සියලුම මන්ත්‍රීවරුන්ටත් ලබාදෙන්න අපි වෙබ් අඩවියෙත් දාලා තියෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා අපි පාර්ලිමේන්තුව තුළ කළා. ඕන අවස්ථාවක ඒ සංකල්ප පත්‍රිකාව මත පදනම් කරගෙන අපිට ඒක තව දියුණු කරන්න, සාකච්ඡා කරන්න අපි කිසිසේත්ම විරුද්ධ නෑ.  ඒ සංකල්ප පත්‍රිකාවේ මේ මොඩියුලයේ අන්තර්ගතය පිළිබඳව නෑ. සංකල්ප පත්‍රිකාවේ තියෙන්නේ කරන්න යෝජිත ව්‍යුහාත්මක වෙනසේ රාමුව පිළිබඳව. මේ සිද්ධිය වාර්තා වුණු වහාම අපි ඒ පිළිබඳව කරුණු විමසීමේදී විමර්ශනයක් ආරම්භ කරා. ඒ විමර්ශන වාර්තාව අනුව අපි මූලික විමර්ශන සඳහා ඊයේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන පාලක මණ්ඩලය විසින් රංජිත් ආරියරතන හිටපු ලේකම්වරයා පත්කළා මූලික විමර්ශන පවත්වන්න. මේ සිද්ධිය වාර්තා වූ වහාම අපි මේ පොත මුද්‍රා තැබුවා. ඒ පොත ළමයින්ට බෙදලා නෑ. ඒ පොතේ ඒ පාඩම ඉවත්කරන්න ඊයේ අපිට අවසරය දුන්නා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය විසින්."
 
 
 
 

 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න