ව්‍යසනයෙන් ගොඩ එන්න සජිත්ගෙන් යෝජනා මල්ලක්

ව්‍යසනයෙන් ගොඩ එන්න සජිත්ගෙන් යෝජනා මල්ලක්

සිකුරාදා අයවැය අනුමත කර ගන්න පෙර වත්මන් අයවැය ආපදාවෙන් පසු රටේ තත්ත්වයට සුදුසුද කියා සොයා බැලිය යුතු බවත්, තව දින ලබා ගෙන විපතට පත් ජනතාවට සහන සලසන ආපදාවට ලක් වූ ප්‍රදේශ ගොඩනගන නව අයවැයක් සකස් කිරීම සුදුසු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී දිට්වා සුළි කුණාටුව නිසා සිදු වූ විපත ගැන අදහස් දක්වමිනි. අවතැන් වූ ජීවිත අහිමි වූ සියලු දෙනා වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන්න යැයි යෝජනා කළ හෙතෙම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවා විපතට පත් ජනතාවට සහන සැලසිය යුතු බවත් රජයට එය කළ නොහැකි නම් විපක්ෂය රජය වෙනුවෙන් එය කැදවීමට කටයුතු කර රටට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත් පැවසීය. ඊට අමතරව නව අයි. එම්. එෆ් ගිවිසුමක් ඇති කර ගැනීමට සාකච්ඡා කළ යුතු බවත් ජනතා පීඩක ජන හිංසන අයි. එම්. එෆ් කොන්දේසි සමග ඉදිරියට යා නොහැකි නිසා කඩිනමින් අයි. එම්. එෆ් එකට සාකච්ඡා කළ යුතු බවත් රජයට නොහැකි නම් විපක්ෂය ද ඒ සදහා සහාය දෙන බවත් නව ගිවිසුම හරහා ජනතාවට සවියක් විය හැකි බවත් හෙතෙම  පැවසීය. මේ මොහොත වන විට රටට ප්‍රතිචාර දැක්වීම, සහන දීම, පුනරුත්ථාපනය, අහිමි වූ දේ ලබා ගැනීම, නැවත ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය සිදු කිරීමට විපතට පත් පවුල්වලට ජනතාවට උපරිම සහන දිය යුතු බවත් යල්පැනගිය චක්‍රලේක වෙනස් කළයුතු බවත් කීය.

හදීසි නීතිය උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදය හකුලන වැඩපිළිවෙළකට නම් ඉඩ දිය නොහැකි බවත් හදිසි අවස්ථා ඇති කළේ ජනතාවට සහාය දෙන්න මිස මාධ්‍ය මර්ධනය කරන්න නොවන බවත් නීතිය හා සාමය ක්ෂේත්‍රය  භාර ඇමතිවරු මෙවැනි ප්‍රකාශ කරන බවත් මේ හදිසි නීතිය ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන්න නොව ජනතාවට සහන සලසන්න බවත් අද වන විට මේ හරහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට තර්ජන එල්ල වන බවත් මේ මර්දන රජය නැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා  පැවසීය.

සහන සැලසූ සියලු දෙනාට ස්තූතිය පල කළ හෙතෙම දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් අපි කටයුතු කරමු යැයි යෝජනා කළේය.



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න