අධ්‍යාපනය තුළ සියලු දෙනාට සර්ව සාධාරණ අයිතියක් ලබා දිය යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අධ්‍යාපනය තුළ සියලු දෙනාට සර්ව සාධාරණ අයිතියක් ලබා දිය යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

නිදහස් අධ්‍යාපනය අප රට සතු වටිනාම සම්පතක් වන අතර මෙය අපේ රටේ සුබසාධන රාජ්‍යයේ ද අති වැදගත් අංගයක් වී ඇති බවත්, අභියෝග දුක් කම්කටොලු බාධා රැසක් මැද නිදහස් නිවහල් අධ්‍යාපනය රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා ඇතුළත් කර සිටියේ අධ්‍යාපනය තුළ සියලු දෙනාට සර්ව සාධාරණ අයිතියක් ලබා දීමට යැයි ද විපක්ෂ නායකවරයා පැවසී ය.

ඔහු මෙමඅදහස් පළ කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඇති ගැටලු ගැන අවදානය යොමු කරමින් අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

නිදහස්, නිවහල් අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු යි

''එදා නිදහස් නිවහල් අධ්‍යාපනය ඇති කරන්න යද්දි වත්තේ පොල් කඩන්න අවශ්‍ය ශ්‍රම සම්පත නැති වන බවට එවක ප්‍රභූවරුවන් විරුද්ධ වූ අවස්ථාවේ බාධා රැසක් මැද නිදහස් අධ්‍යාපනය ලැබුනා. උගත් බුද්ධිමත් ඥානාන්විත අධ්‍යාපනය ලැබු සුචරිතවත් ශිෂ්ට සම්පන්න දරු පරපුරක් අප රටට ලබා දෙන්න මෙයින් හැකි උනත්, අද වන විට අප රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට මුවාවී ශිෂ්ටත්වය ශීලාචාරකම බැහැර වී අසම්මත අශිෂ්ට අශීලාචාර අසභ්‍ය ලක්ෂණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඇතුලත් වී තිබෙනවා. අප රටේ අධ්‍යාපනයට ප්‍රතිසංස්කරණ අවශ්‍ය යි; නව තාක්ෂණය කෘත්‍රිම බුද්ධි ඇතුළු පරිවර්තනාත්මක වෙනසක් අධ්‍යාපනය තුළ සිදු විය යුතු යි; ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට යොමු වී නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු යි. නමුත් මේ පරිවර්තනාත්මක වෙනස්කම් කරන විට කලබල නොවී විධිමත් කාර්යක්ෂම සාකච්ඡාවක් සිදු කර ජනතාවගේ අදහස් ලබා ගෙන යහපත් ගුණගරුක යුක්තිගරුක සාරධර්ම ගුණාංගවලින් සපිරි දරු පරපුරක් නිර්මාණය කළ යුතු යි.

ස්වාධීන, අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු යි

නමුත් රජය නිසි සාකච්ඡාවකින් නිසි ක්‍රමවේදවලින් බැහැරව උද්දච්චකමින් යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යොමුවී ශීලාචාරය වෙනුවට අසභ්‍යත්වය ප්‍රතිසංස්කරණවලට ඇතුළත් වී අසභ්‍යත්වය නිදහස් අධ්‍යාපනය ගොදුරු කර ගෙන තිබෙනවා. අසභ්‍යත්වය නිදහස් අධ්‍යාපනයට ඇතුළත් කිරීම කන්නන්ගර සංකල්පය නොවෙයි. එබැවින් රජය එය කඩිනමින් අවබෝධ කර ගත යුතු යි. මේ අක්‍රමවත්ව අවිධිමත්ව කරගෙන යන්නා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කර විධිමත් කළ යුතු යි. මේ අසභ්‍ය කරුණු මොඩියුල්වලට ඇතුළත් වීම ගැන ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු යි. අභ්‍යන්තර පරීක්ෂණ හරහා මේවා කරන්න බැහැ.

අසභ්‍යත්වය රජ වෙනව කියන්නෙ ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්

රටක් ලෙස වගවීමෙන් වගකීමෙන් වැඩ කළ යුතු යි. දරුවන් ගේ, ළමුන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු යි. අපි ළමා අයිතිවාසිකම් සුරක්ෂා කරන්න ජාත්‍යන්තර ප්‍රඥප්ති පවා අත්සන් කර තිබෙනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අසභ්‍යත්වය රජ වෙනව කියන්නෙ ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මේවාට වගකිවයුතු පාර්ශ්වය කවුද කියා පැහැදිලි කළ යුතු යි. මෙහි වගකීම නිලධාරීන්ගේ කරපිට පමණක් පැටවීම අසාධාරණ යි. මෙහි වගකීම රජය නිවැරදිව හෙළි දැක්විය යුතු යි. මෙය ළමා අයිතිවාසිකම් කඩ කිරීමක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් ළමා අයිතිවාසිකම් කඩ නොකළ යුතු යි. අසභ්‍යත්වය ඇතුළත් කළ පදනම ඉදිරිපත් කළ යුතු යි. අප රටේ ඉතිහාසය ඉගෙන ගන්න පවා මේ හරහා අවස්ථාව අහිමි කර ඇති තිබෙනවා. ඉතිහාසය ඉගෙනීම අහිමි කර අසභ්‍යත්වය ඇතුළත් කිරීම ගැන කණගාටුවනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට විපක්ෂයක් ලෙස කැපවෙනවා. ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න කැපවෙනවා.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න