සජිත් ප්‍රේමාදස ගේ නායකත්වයෙන්, රනිල් වික්‍රමසිංහ ගේ ආශිර්වාදයෙන් ගොඩනැගෙන කඳවුර රටේ තිරණාත්මක දේශපාලන කඳවුරුක් බවට පත්වෙන බවත්, ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දක්ෂිණාශික දේශපාලනය පිළිගන්නා සියලුම දෙනාට ආරාධනා කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා පැවසී ය.
විපක්ෂයේ සියලු නායකයෝ බ්‍රහස්පතින්දා එක මේසයක වාඩි වූහ. ශක්‍රයාගේ පුතා වෛමාටවත් කරන්නට නොහැකි වූ ඒ කාරණය සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වූයේ අනුර කුමාර ගේ ආණ්ඩුවයි.
සැත්කමින් පසුව මේ වන වන විට රනිල් සම්පූර්ණයෙන් ම සුවය ලබමින් සිටී.
විජයදාස ගේ සුවදුක් විමසීම සඳහා රනිල් ඉකුත් සතියේ ඔහු ගේ නිවසට ගියේ ජනාධිපති නීතීඥ රොනල්ඩ් සමගයි. ඒ අවස්ථාවේ සජබ දොස්තර කාවින්දත් එහි සිටියේ ය.
අනුර උතුරට ගිහින් යාපනයේ පන්සල් වල සිල් ගන්න එන්න එපා වගේ කතාවක් කියන විට රනිල් සිටියේ චැට් Gpt සමග සංවාදයක් ගොඩනගා ගනිමිනි. ඒ සංවාදයේ නිමිත්ත වූයේ දහම් කරුණකි.
ජනතා විමුක්ති පෙරමුණෙහි මධ්‍යම කාරක සභිකයකු වු ද, 1999 වසරේ ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකයා වූ ද, හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම පානදුර නගර සභාවේ හිටපු නගරධිපතිවරයෙකු වූ අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක ගේ දේහයට එක්සත් ජාතික පක්ෂ නායක, Viiiවෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අවසන් ගෞරව දැක්වූයේ ය.
බුදුන් ලංකාදීපයට අවුත් යක්ෂ සේනාව සක්වළ ගලින් එතෙරට එළවා දැමූ බව වංශ කතාවල සඳහන් ය. නැවතත් යක්ෂ සේනා විසින් අත්පත් කරගෙන සුන්නද්දූලි කර තිබූ රට පියවරෙන් පියවර ගොඩ ගනු ලැබූයේ රනිල් ජනපති විසිනි.
රනිල්ගේ එංගලන්ත ගමන ගැන නඩුව ආණ්ඩුවට කොටි වලිගය අල්ලා ගත්තා වගේ වී තිබෙයි. නඩුව අතාරින්නත් බැරි ය. අල්ලා ගෙන ඉන්නත් බැරි ය.
කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම ලේඛකයෙකු, විචාරකයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකු වන අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ ගේ දේහයට එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (15) සවස අවසන් ගෞරව දැක්වූයේ ය.
හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියේය.
වුල්වර්ඩ්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකාවේ එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට නිල වශයෙන් ආරාධනා කර තිබූ බව එම විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද ලිපි මගින් තහවුරු වී තිබේ.
රනිල් කවදත් මහා විහාර සම්ප්‍රදායට ඉතා හිතැතිව කටයුතු කළ නායකයෙකි. මහා විහාර සම්ප්රදායේ යට ගියාව මතු කර ගැනීම සඳහා කැණීම් ඇරඹීමට රනිල් අගමැති ලෙස විශේෂ සහයක් ලබා දුන්නේ ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.
හදිසියේ අභාවප්‍රාප්ත වු නිවින් නිශාකර කුමාරප්පෙරුම තරුණ මහතා ගේ වියෝව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන අද (15) කුමාරප්පෙරුම ගේ නිවසට පැමිණ සිය ශෝකය පළ කර සිටියේ ය.
පසුගිය සතිය තුළත් එක්සත් ජාතික පක්ෂය තුළ වැඩි වශයෙන් කතා බහට ලක්වූ මාතෘකාවක් බවට පත් වුණේ අයහපත් කාළගුණ තත්ත්වය නිසා රටටත්, ජනතාවටත් අනපේක්ෂිත ලෙස මුහුණ දෙන්නට සිදුවූ ආපදා තත්ත්වය සම්බන්ධවයි.
පසුගිය සතියේ දිවයිනට බලපෑ “දිට්වා” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ජනතාවට විශාල කරදර රාශියකට මුහුණ පාන්නට සිදුවිය. ඇතැම් ප්‍රදේශවල ජනතාව ගංවතුර නිසා අපහසුතාවයට පත්වූහ. තවත් ප්‍රදේශවල ජනතාව සුළඟින් සහ නායයෑම්වලින් පීඩාවට පත්වන්නට වූහ.
රනිල් සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මේ සතිය ආරම්භයේ දී ම ය.
ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍ය සහ ජනතාව ගේ පරමාධිපත්‍ය රැක ගනිමු යන තේමාව යටතේ විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (11) කොළඹදී අද රැස්වූහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ 2023 ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ගොනු කර ඇති නඩුවට අදාළව අතිශය තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් වී තිබේ.
“ආරාධනාව නිලයි” කී විශ්වවිද්‍යාල ලිපියෙන් මතුවන නෛතික යථාර්ථය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

