රනිල් කවදත් මහා විහාර සම්ප්‍රදායට ඉතා හිතැතිව කටයුතු කළ නායකයෙකි. මහා විහාර සම්ප්‍රදායේ යට ගියාව මතු කර ගැනීම සඳහා කැණීම් ඇරඹීමට රනිල් අගමැති ලෙස විශේෂ සහයක් ලබා දුන්නේ ය.
ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසය පිළිබඳවත් ප්‍රාමාණික දැනුමකින් හෙබි රනිල් ලංකාවේ සැබෑ පාදම මතුකර ගැනීම සඳහා අඩි තාලමක් දැමූ නායකයකු බව විද්වතුන් ගේ පිළිගැනීමයි.
අනුරාධපුර පූජා භූමියට ගිය රනිල්ට ලැබුණේ ඉහළ පිළිගැනීමකි. මහා සංඝරත්නයෙන් පමණක් නොව එහි පැමිණ සිටි ජනතාව ද රනිල් වටා රොක් වූහ.

"ඔබතුමා නොහිටින්න අද රට කොතැනද කියන්න දන්නේ නෑ."
මිනිසුන් ගේ මුවින් නික්මුණු පොදු වචනය එය විය.
ශ්‍රී මහා බෝධිය උදෙසා දෙවන රන් වැට පූජා කළේ කව්ද...?
ශ්‍රී මහා බෝධිය උදෙසා දෙවැනි රන් වැට පූජා කළේ රනිල් ය. පළමු රන් වැට පූජා කළේ රංජිත් විජයවර්ධන ය. මේ ඇත්ත ඉතිහාසය සලකා බලන විට රටේ ඇත්ත බෞද්ධ නායකයා කවුදැයි ලේසියෙන් ම පැහැදිලි වන්නේ ය.
ඓතිහාසික ශ්‍රී මහා බෝධිය වන්දනා කළ රනිල්ට සෙත් පතන්නට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ. එහි දී අනුශාසනාවක් කරමින් ලංකාරාමාධිකාරී රළපනාවේ ධම්ම ජෝති නාහිමි කීවේ රට දෙපැත්තට දෝලනය වෙමින් තිබූ වෙලාවේ බොහෝ දෙනෙක් රට ගැන හැඟීමක් නැතිව කටයුතු කළ බවයි. ඒ අවස්ථාවේ ඉදිරිපත් වූ එකම නායකයා රනිල් පමණක් බවද ධම්මජෝති නා හිමියෝ කීහ.

පෝලිම් යුගය අමතක ජනතාව
"ඒ කාලේ දිග පෝලිම් අපි දැක්කා. ඒවා මිනිස්සුන්ට අමතක වෙලාද කියලා අපි දන්නේ නෑ. මිනිස්සු සැතපුම් ගණන් දිග පෝලිම්වල ඇද වැටිලා මරණයට පත්වුණා. ඔබතුමා ජාත්‍යන්තරයේ සහයෝගයත් අරගෙන ක්‍රම ක්‍රමයෙන් මිනිසුන් ගේ දුක් නිවපු හැටි අපට මතකයි. ඔබතුමා ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ ජනාධිපතිවරයෙක් ගෙන් රටට වෙන්න ඕන සේවය ඒ අයුරින්ම කළා කියන කාරණය ඉතිහාස ගතවෙලා තියෙනවා," යනුවෙන් ද ධම්මජෝති නාහිමියෝ කීහ.
රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතල වැටුණු වැවේ ඤාණතිලක හිමියන් රනිල් හමුවූ මොහොතේ කීවේ සුබ අසුබ මොන දේ ලැබුනත් රනිල් අටමස්ථාන භූමියට ඇවිත් සිරිමා හාමුදුරුවෝ ළඟ, මහා සෑය ළඟ පුද පූජා කරන බවයි.
රනිල් රටට කළ මෙහෙවර ගැනද රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී හිමි එහි දී විශේෂ සිහිපත් කිරීමක් කළේ ය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රනිල්ගේ ශාසනික සේවයට දුන් සවිය ගැනද ඥානතිලක හිමි එහි දී කීය. මේ ගමනට එජාප සභාපති වජිර ද එක්ව සිටියේ ය.රනිල්ගේ ශාසනික කාර්යයන්හි දී පසුපස සිට සම්බන්ධීකරණ කටයුතු කරමින් යෝද ශක්තියක් වූයේ වජිරයි. අනුරාධපුරයේ මහා සංඝරත්නය ද ඒ ගැන විශේෂ සිහිපත් කිරීමක් කළහ.
රනිල්ගේ අනුරාධපුර ගමන ගැන සමාජ මාධ්‍යයේ විශේෂ කතාබහට ලක්ව තිබිණි.

සජිත් අමාරුවක වැටිලා
සජබ - එජාප එකතුව සම්බන්ධයෙන් සජිත් මේ දවස්වල දැඩි අමාරුවක වැටී සිටින බව දැනගන්නට ඇත. මුලදී සජිත් සජබ එජාප එකතුවට ආවේ බල්ලන් නාවන්නට ගෙන යනවා වගේ ය. දැන් ඔහුට ඒ කාර්යයෙන් කර ඇරීමට නොහැකි තත්ත්වයකට පැමිණි තිබේ. මන්ද බිමේ සියලු කාක්ෂිකයන් ඉල්ලන්නේ සජබ එජාප එකතුවකි. එලෙස එකතුව නොවුවහොත් ජනතාව රනිල් වටා පෙළ ගැසීමට බලා සිටිති. සජිත් ඒ කාරණය හොඳාකාරවම දනී. ඒ නිසා දැන් සජිත් ගේ අලුත් ම ළදරු ගැටය වී ඇත්තේ එකතුව සිදුවන්නේ තමා ගේ මූලිකත්වයෙන් බව රටට පෙන්වා කල් මරමින් සිට එකතුව දියාරු කිරීම ය. නමුත් මේ සැරේ නම් සජිත්ගේ ඒ ළදරු ගැට ක්‍රියාත්මක කරන්නට ලේසි වන්නේ නැත.
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ සතියේ රැස් වුණත් සජිත් සජබ එජාප එකතුව ගැන කිසිම තීරණයක් ගෙන නැති බව ආරංචිය.
" අපි සුමානෙකින් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට මේක ඉදිරිපත් කරලා තීරණය ඉදිරිපත් කළා. අපි අපේ තීරණය ගැන නොපමාව රුවන් මගින් ඒ අයට දැනුම් දුන්නා. අපි යවපු ක්‍රියාමාර්ගය අනුමත කරනව ද සංශෝධනය කරනවද කියලා කියන්න ඕනනේ. අපි එක කතා කරද්දි මුලින් සජබෙ කිව්වේ යෝජනා එවන්න කියලා. ඒ අනුව තමයි අපි යෝජනා යැවුවේ. ඒ යෝජනාවලට කිසිම පිළිතුරක් නෑ.ඒගොල්ලන්ගේ පැත්තෙන් සාකච්ඡාවලට නම් කරන්නේ කවුද? ඒ මුකුත් තාම තීරණයක් නෑ."
රනිල් එසේ පවසා තිබුණේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක සහ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න සමඟ හමුවකදීය.
"කරන්න ඕන දේ නොකර දැන් අධ්‍යාපනය වගේ දේවල් ගැන කතා කරමින් ඉන්නවා."
රනිල් හමුවූ සජබ මන්ත්‍රීවරයෙක් සජිත් ගැන කෙටියෙන් කියා ඇත්තේ ඇත්තේ එසේ ය.
සජිත් ගේ පසුබැස්මෙන් දිනුම විමල්ට
කෙසේ වුවද විපක්ෂ නායක කියා පුද්ගලයෙක් සිටියත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි සටනේ ජය කණුව ගත්තේ විමල්ය.
" ඔයා මොකක්ද හරිනිට කළේ" යැයි රනිල් ද විමල්ට දුරකථන ඇමතුමක් දී විමසා ඇති බව ආරංචිය.
" සජිත්ලා මේක අත ගගා හිටියා. දැන් මේකෙ දිනුම ගියේ වීරවංශට " සජබෙ මන්ත්‍රීවරයෙක් රනිල්ට එසේ කියා තිබිණි.
අනුරත් රාජ්‍ය මුදලින් පුද්ගලික ගමනක...?
රනිල්ගේ එංගලන්ත ගමන ගැන මාලිමාවේ උදවිය අනුයේ කරුණු ගෙන හැර පෑවද දැන් එය අවසානයේ අනුරගේ පැත්තට අවාසියට පෙරළෙමින් තිබේ. අනුර ජනාධිපති ලෙස ජපානයේ ගිය ගමන සම්පූර්ණයෙන් ම පෞද්ගලික එකක් බව දැනටමත් කරුණු හෙළිදරව් වී හමාර ය.
"මිතුරන් අතරේ පෞද්ගලිකව බෙදා හරින්න. ඇතුල්වීම ලියාපදිංචි පුද්ගලයන්ට පමණි" යනුවෙන් අනුර ගේ ජපන් රැස්වීම ගැන සඳහන් පෝස්ටුව දැන් එළියට පැමිණ තිබේ.
" අනුර ගිහින් තියෙන්නේ රනිල්ටත් වඩා පෞද්ගලික ගමනක්."
නීති ක්ෂේත්‍රයේද දැන් මේ කතාව ලැව් ගින්නක් සේ පැතිර යමින් පවතී.

