1990 දශකයෙන් පසු, විශේෂයෙන් ම චන්ද්‍රිකා කුමාරතුංග ගේ ආගමනයෙන් පසු ලංකාවේ නීති පද්ධතියේ (system) විශාල බිඳ වැටීමක් දක්නට ඇතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
නීති ක්ෂේත්‍රයේ සෑම ඉසව්වක ම පාහේ නීතියේ සුජාත භාවය අහෝසි වෙමින් පවතින්නේ යැයි විපුල වැඩි දුරටත් පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

