ලංකාවේ දේශපාලනයේ ඇත්ත මිනිස්සු දුර්ලභ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ජේ. ආර්. ජයවර්ධන, සිරිමාවෝ බණ්ඩාරනායක, ප්‍රභාකරන් පමණක් නොව ලෙනින් පවා ඇත්ත දේශපාලනඥයින් ලෙස හඳුන්වා දිය හැකි යැයි දීප්ති වැඩි දුරටත් පැවසී ය.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කරනු ලබන්නේ ඇත්ත රාජ්‍ය පාලනය නෙවේ යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඇත්ත පාලනය යනු ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි හිමිවරු බැහැ දැකීම නොව: මාධ්‍යට ප්‍රදර්ශනය නොකර මලික් සමරවික්‍රම හමුවීම, අනිෆ් යූසුෆ් බඳු පුද්ගලයින් සමග හෝටල්වල ආහාර ගැනීම, ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කිරීම යනාදිය යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

