ලංකාවේ විශාලතම සමූපාකාරය වන බෙරලපනාතරිනුත් මාලිමාවට දරුණු පරාජයක්!

ලංකාවේ විශාලතම සමූපාකාරය වන බෙරලපනාතරිනුත් මාලිමාවට දරුණු පරාජයක්!

ලංකාවේ විශාලතම සමූපකාරය වන බෙරලපනාතර සමූපේ ඡන්ද විමසීමේදී 84ට 15ක් ලෙස ජයග්‍රහණය කිරීමට පොදු විපක්ෂය සමත් විය.


හක්මන හා දෙනියාය ආසන වල කොටස් සහිත මෙම සමූපකාරයේ ඡන්ද හිමි සාමාජිකයින් ප්‍රමාණය 51,000ට අධිකය.

මෙම සමූපකාර ප්‍රතිපලය යනු මාතර දිස්ත්‍රික්කයේම ප්‍රතිපලය ලෙස හැඳින්විය හැකිය.

ඡන්දයට පස්ගොඩ ප්‍රා.සභාවේ මාලිමාවේ සභාපති වන විජිත රන්ගමගේ නියෝජනය කරන කොට්ඨාසයත් අන්ත පරාජයකට ලක්වී ඇත.

මැයි මාසයේ පැවැත්වූ පළාත් පාලන ඡන්දයෙන් මෙම සමූපකාර බල ප්‍රදේශයට අයත් පස්ගොඩ ප්‍රා.සභාව මාලිමාව 48%ක් ලබාගත් අතර හක්මන ප්‍රා.සභාව 45%ක් ගෙන මාලිමාව ජයග්‍රහනය කරන ලදි.

මෙම සමූපකාරය ජයග්‍රහනය මාලිමාවට කෙතරම් වැදගත්ද කිවහොත් පසුගිය සතිය තුල හඳුන්, ගාල්ලෙ නලීන් ඇතුලු ඇමතිවරු සහ මන්ත්‍රීවරු ගෙවල් ගානෙ කැන්වසින් ගොස් තිබිණ.

නිලවරණය අවස්ථාවට වෙනත් ආසන වල ජවිපෙ සාමාජිකයින් බස් රථ 20ට අධික ප්‍රමාණයක් මගින් ගෙනැවිත් අවසන් මොහොතෙත් බලපෑම් කළ බවටත්, විපක්ශයේ අපේක්ශකයින් බියගැන්වීමට උත්සහ කළ බවටත්, ඡන්ද දායකයින්ට ගෙදරටම ප්‍රවාහන පහසුකම්ද ලබා දුන් බවටත් චෝදනා එල්ල වී තිබේ.

මෙතරම් උත්සහ කරලත් කාරක සභිකයින් 99ක් තෝරා ගැනීම සඳහා ඊයේ පැවැත්වූ නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ප්‍රමුඛ විපක්ෂය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබිය.

ඡන්ද ප්‍රතිඵල අනුව පොහොට්ටුව ප්‍රමුඛ විපක්ෂය ජන්ද 85 ක් ලබා ගත් අතර ආණ්ඩුවේ මාලිමා කණ්ඩායම ලබාගත්තේ ජන්ද 14 කි.

ආණ්ඩුව වෙනුවෙන් මාළිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මැතිවරණය මෙහෙයවු  අතර පොදු විපක්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු  ජන පෙරමුණේ මාතර
දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍යය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, හිටපු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායක ධම්මික සොලමන් යන අය විසින් මැතිවරණය මෙහෙයවනු ලැබූහ.

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න