රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා මැයි මස 03 දින දිවයිනට පැමිණීමට නියමිතය.
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මෙම සංචාරය අතර තුර මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතා සහ සහයෝගීතා ශක්තිමත් කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.
මීට අමතරව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ ද මෙම නියෝජිත පිරිස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
එමෙන්ම රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මැයි 04 වන දින කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයක නිරතවීමට ද නියමිත අතර ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකඟතාවලට එළඹීමට ද අදහස් කර ඇත.
මෙම සංචාරයේ දී ඖෂධ සහ වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥයින්ගේ පුහුණුව සහ උසස් පුහුණුව, අධ්‍යයන සහයෝගීතාව (හුවමාරු, ඒකාබද්ධ පාඨමාලා ආදිය), ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය, සංචාරක සෞඛ්‍ය සේවාව ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන ක්ෂේත්‍රයන්ගේ සහයෝගීතාව වර්ධනය කිරිම උදෙසා සෞඛ්‍ය සේවාවේ එක් එක් අංශ සමග සාකච්ඡා සහ අදහස් හුවමාරු කර ගැනීමට ද රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස බලාපොරොත්තුව සිටිති.
රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස සිය තෙදින සංචාරය නිමවා මැයි මස 05 දින දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ය.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
