බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, යුක්‍රේනය සහ යුරෝපා සංගමය අද (21), විශේෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්, රුසියානු-යුක්‍රේන ගැටුම අවසන් කිරීම සම්බන්ධ එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නවතම ප්‍රයත්නයට සහාය පළ කළේය.
එම ඒකාබද්ධ ප්‍රකාශයෙන්, යුක්‍රේනය වෙත එම රටවල සහාය පල කර තිබේ.
යුද්ධය කඩිනමින් අවසන් කිරීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ගේ යෝජනාවට ඉඳුරා සහාය පළ කරන බව එම නිවේදනයේ දැක්වේ. ඒ පිලිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට මෙය සුදුසුම අවස්ථාව කරගත යුතු බව ද, එහි සඳහන්ය. බ්‍රිතාන්‍ය රජය විසින් එම නිවේදනය නිකුත් කර තිබේ.
ගැටුම අවසන් කර සාමය උදා කිරීම පිණිස, රුසියානු නායකයා කැමැත්ත පළ කරන තෙක්, එරට ආර්ථිකයට සහ ආරක්ෂක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල කළ යුතු බවත්, යුක්‍රේනයට අවැසි සම්පත් ලබා ගැනීමට රුසියාව සතු නිශ්චල ස්වෛරී වත්කම් හි පූර්ණ අගය උපයෝජනය උදෙසා සැලසුම් සකස් කෙරෙමින් ඇති බවත්, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/21/2025
මුලාශ්‍රය :
European leaders issue statement backing Trump's Ukraine ceasefire position