'රුසියානු සාහිත්‍යය', ලෝකයේ බලවත් ම සාහිත්‍ය සම්ප්‍රදා අතරින් එකකි. පොහොසත් චිත්තවේගීය සහ ගැඹුරු මානුෂීය හැගීම් උද්දීපනය කරමින් නිර්මාණය වී ඇති මෙම කතා හුදෙක් විනෝදාස්වාදය ලබා දෙනවා පමණක් නොව; ජීවිතය, ආදරය, දුක් වේදනා සහ පැවැත්මේ අර්ථය පිළිබඳ ප්‍රශ්න අසමින් පාඨකයා සමග රැඳී සිටියි.
ආරම්භක රුසියානු ලේඛන කලාව
ලොව අනෙකුත් සාහිත්‍ය කලා සමග සන්සන්දනය කිරීමේ දී රුසියානු සාහිත්‍යයේ මා දකින විශේෂත්වයක් වන්නේ එහි ඇති ආර්ථිකමය, ජනප්‍රියත්වය, ලිංගික ආකර්ෂණය හෝ වෘත්තීමය සාර්ථකත්වයට වඩා කතුවරුන් බොහෝවිට මූලිකත්වය ලබා දී ඇත්තේ තමා අත්විඳින යථාර්ථය ම නිර්මාණාත්මක ලෙසින් එළිදැක්වීමට යන්නයි. සැබෑ ජීවිතයේ දී කිසිදා නොදුටු බොහෝ චරිත සහ සිද්ධි තුළ අප අදටත් කිඳාබැස ජීවත් කරවීමට තරම් ඔවුන් සමත් වන්නට ඇත්තේත් ඒ නිසා ම වන්නට ඇත. මුල් රුසියානු ලේඛන කලාව අනෙකුත් බොහෝ ලේඛන කලා මෙන් ම ජනප්‍රවාද සහ ආගමික වංශකථාවලින් වර්ධනය විය. මෙම කතා අභිරහස් සහ සදාචාරාත්මක ගැඹුරින් පිරුණු කතන්දර කීමේ සංස්කෘතියක් හැඩගස්වා ඇත.
19 වන සියවස රුසියානු සාහිත්‍යයේ ස්වර්ණමය යුගය සහ ලෝකය වෙනස් කළ යුගය බවට පත් වුණි. එකී නිර්මාණ අප හදවත් හී අමරණීය වන්නට තරම් ප්‍රබල විය. රුසියානු සාහිත්‍යය හරහා ලෝකය වෙනස් කළ පතාක යෝධයින් කිහිප දෙනෙක් මෙසේ පෙළ ගැස්විය හැකි ය.
ඇලෙක්සැන්ඩර් පුෂ්කින් (Alexander Pushkin)නූතන රුසියානු සාහිත්‍යයේ පුරෝගාමියා ලෙස සැලකෙන මොහු 'Eugene Onegin' සඳහා ප්‍රසිද්ධ ය. මේ කෘතිය හරහා අපි කියවන්නේ රුසියානු ගැමි ජනප්‍රවාද සහ බටහිර යුරෝපීය අදහස්වල සංකලණයකි. 'The poet and the Supreme Authority' නමින් හැඳින්වුණු මොහුගේ අකල් මරණය රුසියානු සාහිත්‍යයේ මුදුන් මල්කඩක් බිම හෙළීමට සමත් වූවා කීවොත් මා නිවැරැදි ය.
ඇලෙක්සැන්ඩර් පුෂ්කින්
ෆියෝඩර් දොස්තයෙව්ස්කි (Fyodor Dostoevsky)- 'Crime and Punishment'සහ 'The Brothers Karamazov' යන සම්භාව්‍ය කෘති සමග මනෝවිද්‍යාත්මක ගැඹුරකින් යුත් දක්ෂයෙකි.
ෆියෝඩර් දොස්තයෙව්ස්කි
ලියෝ ටෝල්ස්ටෝයි (Leo Tolstoy)- 'යුද්ධය සහ සාමය' (War and Peace)සහ 'ඇනා කැරනිනා' (Anna Karenina) යන පුළුල්, ශ්‍රේෂ්ඨ නිර්මාණයන්හි කතුවරයා ඔහු ය.
ලියෝ ටෝල්ස්ටෝයි
ඇන්ටන් චෙකොව් (Anton Chekhov)-කෙටිකතා සහ නාට්‍ය කලාවේ ප්‍රවීණයෙක් වන ඔහු නිහඬ මිනිස් හැඟීම් ග්‍රහණය කර ගැනීම සඳහා ප්‍රසිද්ධ ය.
ඇන්ටන් චෙකොව්
මෙම ලේඛකයින් කතන්දර කීවා පමණක් නොව, ඔවුන් මිනිස් ආත්මය ගවේෂණය කළහ.
20 වන සියවසේ මුල් භාගය සංකේතවාදය, අලංකාරය සහ චිත්තවේගීය කවි ගෙන ආවේ ය. ඇනා අක්මාටෝවා (Anna Akhmatova), මරීනා ට්වේටේවා (Marina Tsvetaeva) සහ අයිවන් බුනින් (Ivan Bunin) යනාදි ලේඛකයින් ඔවුන්ගේ අවංකභාවය සහ ගීතමය බලයෙන් සාහිත්‍යය හැඩගස්වා ගත්හ.
සෝවියට් සහ නූතන හඬ
වාරණය සහ දුෂ්කරතා මධ්‍යයේ වුව ද, කතුවරුන් ධෛර්යයෙන් ලිවීම දිගට ම කරගෙන ගියහ.
නූතන කතුවරුන් නූතන ජීවිතය, අනන්‍යතාව සහ සමාජය දෙස බලන නිර්භීත, සිතුවිලි ජනිත කරන කථා සමග සම්ප්‍රදාය දිගටම කරගෙන යයි.
රුසියානු සාහිත්‍යය මෙතරම් විශේෂ වන්නේ ඇයි?
ඔබේ හදවත ස්පර්ශ කරන, ඔබේ මනසට අභියෝග කරන සහ වසර ගණනාවක් ඔබ සමග රැඳී සිටින කථා කියවීමට ඔබට කවදා හෝ අවශ්‍ය වී ඇත්නම්, රුසියානු සාහිත්‍යය එය ආරම්භ කිරීමට කදිම ස්ථානයකි.
By Chamila Jayakody
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
