රුසියානු ජනාධිපති අද ඉන්දියාවට

රුසියානු ජනාධිපති අද ඉන්දියාවට

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (04) ඉන්දියාවට පැමිණීමට නියමිතය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ 23 වන ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුව වෙනුවෙන් රුසියානු ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාවට පැමිණෙනු ඇති බවය.

දෙදින සංචාරය අතරතුර ජනාධිපති පුටින් හෙට (05) දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා සිදුකරනු ඇති බවද වාර්තා වෙයි.

නායකයින් දෙදෙනාම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් සහ කලාපීය මෙන්ම ගෝලීය කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

එහිදී දෙපාර්ශ්වය විසින් වෙළඳාම, ආර්ථිකය, සෞඛ්‍ය සේවා, සංස්කෘතිය සහ මාධ්‍ය යන ක්ෂේත්‍ර ඇතුළු ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිත බවත් පැවසෙයි.

අමෙරිකානු විරෝධය හමුවේ රුසියානු ඛනිජ තෙල් මිලදී ගැනීම් සිදුකිරීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න