කිසියම් රෝගියකු රෝහලකට ඇතුළත් කළ පසු එම පුද්ගලයාට අවශ්‍ය සියලු ඖෂධ සහ ප්‍රතිකාර උපකරණ (වෙළුම් පටි, ප්ලාස්ටර් යනාදිය) පවා පිටතින් මිලදි ගැනීමට සිදුව ඇතැයි රෝගී අයිතිවාසිකම් සුරුකීමේ සංවිධානයේ ලේකම් ලලිත් ධර්මසේකර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ එම සංගමය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එමෙන් ම වැඩිහිටි රෝගියකු ඇතුළ කළ පසු එම රෝගියා ගේ කටයුතු සිදු කිරීම සදහා අනිවාර්යයෙන් පිටතින් කෙනකු කුලියට ලබාගැනිමට සිදුව ඇති බවත්, ඒ සියලු කටයුත් සම්බන්ධිකරණය කරන්නේ ද රෝහල් සේවක සේවිකාවන් බවත්, ඒ සඳහා ඔවුන්ට (රෝහල් සේවක සේවිකාවන් හට) පෞද්ගලික සුව සේවා ආයතන වෙතින් කොමිස් මුදලක් ලැබෙන බවත් ලලිත් ධර්මසේකර මෙහි දී අවධාරණය කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
