ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතන තුනක සභාපතිවරුන් ඉල්ලා අස්වි තිබේ.
මෙලෙස ඉල්ලා අස්වි ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති එයාර් වයිස් මාෂල් හර්ෂ අබේවික්‍රම සහ ශ්‍රී ලංකා ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය රමණි ජයසුන්දර යන අය යි.
ආයෝජන මණ්ඩල සභාපතිවරයා ඉවත්වීමට බලපෑ හේතුව මෙතෙක් ප්‍රකාශ වී නැත.
ගුවන්තොටුපළ සමාගමේ සභාපතිවරයා ඉල්ලා අස්වි ඇත්තේ සමාගමේ හටගත් අභ්‍යන්තර සේවක ප්‍රශ්නයක් හේතුවෙනි.
මීට මසකට පමණ පෙර ස්ථාපිත කරක ලද ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වී ඇත්තේ ඇත්ත ස්වකීය නව කොමිෂන් සභාව සක්‍රිය කොට ක්‍රියාත්මක කිරීම සඳහා රජයෙන් විධිමත් සහායක් නොලැබෙන බවට චෝදනා කරමිනි.
(lankalokaya |රන්ජිත් ආනන්ද ජයසිංහ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
