දේශපාලන රාජ්‍යයක නිදහස සහ සංස්කෘතික රාජ්‍යයක හිදැස...

දේශපාලන රාජ්‍යයක නිදහස සහ සංස්කෘතික රාජ්‍යයක හිදැස...

රාජ්‍යයක දියුණුව යහපැවැත්ම තහවුරු කරන නිහඬ සාධකය වන්නේ සංස්කෘතිය යි. 

1948 දී නිදහස ලබන විට, එකට යා යුතුව තිබූ අපරටේ සංස්කෘතික බලවේග සහ දේශපාලන බලවේග සිටියේ එකිනෙකා ගෙන් බොහෝ දුරස්තරව ය. නිදහස ලැබුණේ දේශපාලන සහ නෛතික රාජ්‍යයකට (political and legal state) ය. සංස්කෘතික රාජ්‍යය (cultural state) අමතක කර දමා තිබුණි. එයට බලපෑ ඓතිහාසික සාධක රැසකි.

දේශපාලන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන ගිය ප්‍රභූ බලවේගය, සංස්කෘතික ප්‍රතිසංස්කරණ යෝජනා කළ මහජන බලවේගවලට කන්දුන්නේ ඉතා අඩුවෙනි. ඉන්දියාවේ සිදුවූයේ සංස්කෘතික බලවේග සහ දේශපාලන බලවේග එකට ගමන් කිරීමයි.

ලංකාවේ ප්‍රභූ බලවේග අතහැර දැමුවේ ධර්මපාල තුමාව පමණක් නොවේ. ප්‍රභූ පංතිය ඇතුළෙන් ම මතු වූ ආනන්ද කුමාරස්වාමි ගේ හඬද ඔවුන් විසින් නොතකා හරින ලදී .

Ananda1ආනන්ද කුමාරස්වාමි

කුමාරස්වාමි 1905දී ප්‍රභූන්ට ලිපියක් යවමින් ප්‍රකාශ කළේ

"ඔබට ඔබේ සංස්කෘතිය අහිමි වෙමින් තිබෙන අතර, ඒ වෙනුවට ඔබට ලැබෙමින් පවතින්නේ බටහිර ශිෂ්ටාචාරයේ ඉතා තුනී සහ දුර්වල මතුපිට ඔපයක් පමණි. (" you are losing your own culture, and in return you are only getting a very thin and poor veneer of Western civilization") යනුවෙනි.

කුමාරස්වාමි ගේ විවේචනය ඉන්දියාව ගැඹුරින් භාරගත් අතර අපේ රටේ ඔහු කෞතුක භාණ්ඩයක් බවට ඌණනය විය. 1915 කෝලාහලවලින් පසුව සංස්කෘතික බලවේග පසෙකට තල්ලු වූ අතර 1940 දශකයේ විද්‍යාලංකාරය ඔස්සේ එය නැවත නැගිටින විට ප්‍රභූ පිරිස එය භාරගත්තේ සතුරු හඬක් වශයෙනි.

මේ විතැන් වීම නිසා දේශපාලන බලවෙිග තුළ සංස්කෘතික හිදැසක් ද සංස්කෘතික බලවේග තුළ ආවේගාත්මක (emotional) පීඩනයක් ද නිර්මාණය විය. 1956 යනු එම ආවේගාත්මක පීඩනයේ දේශපාලන ප්‍රකාශනයකි.

නිදහස ලබා වසර අසූවකට ආසන්න වෙමින් තිබියදී පවා දේශපාලනය තුළ පවතින සංස්කෘතික හිදැස සහ සංස්කෘතිය තුළ පවතින ආවේගාත්මක පීඩනය විසඳා ගැනීමට අපට නොහැකී වී ඇත. එසේ විසඳා ගන්නා බවක් පෙනෙන්නට ද නැත. මේ අපේ පුනරුද ගමන් මගය !

 

karu කරු පරණවිතාන

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න