Image

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙවත් ට්‍රෝජන් අශ්වයාගේ කතාව

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙවත් ට්‍රෝජන් අශ්වයාගේ කතාව

ඩේවිඩ් කරුණාරත්න විසින් ‘රණබිම’ නමින් සිංහල බසට පරිවර්තනය කරන ලද හෝමර්ගේ ‘ඉලියඩ්’ නම් සුප්‍රසිද්ධ කාව්‍යයෙහි හි විස්තර කෙරෙන්නේ ‘ට්‍රෝයි’ නගරයෙහි විනාශය පිළිබඳ කතාව යි.

කොටු පවුරෙන් වටවුණු ට්‍රෝයි නගරය වසර දහයක කාලයක් වටලා සිටීමෙන් පසුව ද යටත් කර ගැනීමට ග්‍රීක හමුදාව නොහැකි විය. එක් උදෑසනක ග්‍රීකයින් පසුWhatsApp Image 2026 08 17 at 6.03.49 PM බැස ඉවත්ව ගොස් ඇති බව ට්‍රෝජන්වරුන්ට දැක ගත හැකි විය. නගර දොරටුවලින් පිටත ඉතිරි වී තිබුණේ දැවැන්ත ලී අශ්වයෙකු පමණි. ග්‍රීකයින් සටන අතහැර පසුබැස ඇති බව උද්දාමයට පත් ට්‍රෝජන්වරු, දැවැන්ත ලී අශ්වයා දෙවිවරුන්ගෙන් ලැබුණු තෑග්ගක් යැයි විශ්වාස කළහ. අශ්වයා නගර දොරටුවෙන් ඇතුළු කර නගරය තුළට ගෙන නොයන ලෙස ට්‍රෝයි නගරයේ පූජකයකු විසින් කරන ලද අනතුරු ඇඟවීම් නොතකා, ට්‍රෝයි පුරයේ පාලකයින් සහ ජනතාව අශ්වයා නගරය තුළට ගෙන ආහ.

එදින රාත්‍රියේ අඳුරට මුවා වී, එතෙක් ලී අශ්වයා තුළ සැඟව සිටි ග්‍රීක සොල්දාදුවන් අශ්වයාගෙන් එළියට පැමිණ, නගරය කොල්ලකා, එහි ජනතාව මරා දමා නගරය ගිනිබත් කළහ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ අධිකරණ පද්ධතියේ සකල විධ දෝෂවලට ප්‍රතිකාරයක් වනු ඇති බවට අන්ධ භක්තියෙන් යුතුව විශ්වාස කරන අයට පමණක් නොව, මෙම සංශෝධනය ඉදිරියට ගෙන ගොස් සම්මත කිරීමට යාමට සනිටුහන් කොට ගෙන සිටින ජනාධිපතිතුමාට සහ ඔහුගේ රජයට ද මෙම කතාවෙන් ඉගෙන ගත යුතු වැදගත් පාඩමක් තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න