ජේ. ආර්. ජයවර්ධන ගේ විවෘත ආර්ථිකය ට දොස් පවරන්නේ නැතුව විකල්පයක් යෝජනා කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අය වැය සඳහා යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් අද කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක යෝජනා කළේ විවෘත ආර්ථිකය තුළින් ආයෝජන දිරිමත් කරන ලෙසයි.
එමෙන් ම ආයෝජකයින් ට ඉක්මනින් පහසුකම් සැලසීමට එක ස්ථානයක් ස්ථාපිත කරන ලෙසත්, විදුලි වාහන ගෙන්වීමෙන් ඉන්ධන සඳහා වැය වන වියදම අඩු කර ගත හැකි බවත් හෙතෙම පැවසි ය.
ඊට අමතරව පහත සඳහන් යෝජනා කිහිපය ද රවි කරුනානායක විසින් යෝජනා කරන ලදී.
''වරායේ කාර් හිරවෙලා තියෙනවා. ඒවාට බැටරි කැපෑසිටිය අනුව බද්දක් ගහන්න. බදූ වර්ග 26ක් ආණ්ඩුවේ තියෙනවා ඒක සරල කරන්න. ඉදිකිරීම් අංශයේ ඒකාධිකාරය නැති කරන්න. රුපියල ශක්තිමත් කරන්න. කෘෂිකර්ම ක්ෂේත්‍රය සංවර්ධන කරන්න. ආහාර ආනයනය ට විශාල මුදලක් වැය වෙනවා ඒම නිසා අපනයන දිරිමත් කරන්න.''
21වන දින පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැලිය පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විපක්ෂය ඒකාබද්ධ විය යුතු බැවින් එම රැලිය පවත්වන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
