රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයෙන් ඉරානය ඇවිලෙයි

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයෙන් ඉරානය ඇවිලෙයි

ඉරානයේ මතුව තිබෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය මේ වන විට ප්‍රචණ්ඩ ස්වභාවයකට පත්ව ඇති බවත් පසුගිය දින කිහිපය තුළ පමණක් 20 කට අධික පිරිසක් මියගොස් 400 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට 2009 වසරෙන් පසුව ඇතිවූ බරපතලම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය මේ වන විට සිදුවෙමින් ඇති අතර දරාගත නොහැකි ජීවන වියදම ඉහළයාම, විරැකියාව ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයේ ප්‍රධාන සටන්පාඨ වී ඇත.

කෙසේ වුවත් අදාළ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය විප්ලවයේ ශුද්ධත්වයට සහ සාරධර්ම වලට විරුද්ධ බව කියන ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිඔන්නේ රටක් වූ විට විනයක් ඇතිව හැසිරිය යුතු බවත් භාෂණයේ නිදහස සහ විරෝධය පෑම සඳහා නිදහස ලබාදී තිබියදී ප්‍රචණ්ඩකාරීව හැසිරීම අනුමත කල නොහැකි තත්ත්වයක් බවය.

එසේම ආණ්ඩු විරෝධයේ නියලී සිටින්නේ ඉතාම සුළුතරයක් බවත් ඔවුන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් රටේ නීතිය මෙන්ම ජාතික අභිලාෂ නිසිලෙස සපුරා ගැනීම දුෂ්කරවී ඇති බවද ඉරාන ජනාධිපතිවරයා පවසයි.

කෙසේ වුවත් විරෝධතා කරුවන් සඳහන් කර සිටින්නේ මේ වනවිට ඉරාන ආණ්ඩුව සිය බුද්ධි අංශ මෙන්ම ආරක්ෂක අංශ යොදවා ජනතා විරෝධතා මර්දනය කරමින් සිටින බවය. එසේම මේ වන විට ජීවන වියදම ඉහල යාම පමණක් නොව තමන්ගේ භාෂණයේ සහ සාමුහිඛව රැස්වීමේ නිදහසටද බාධා එල්ලවී ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න