ඇමරිකාවේ හිටපු ආරක්ෂක ප්‍රධානියකු සමඟ ට්‍රම්ප් ගැටුමක

ඇමරිකාවේ හිටපු ආරක්ෂක ප්‍රධානියකු සමඟ ට්‍රම්ප් ගැටුමක

ඇමරිකා එකසත් ජනපදයේ හිටපු සේනා සංවිධායකයකු වන ස්ටීව් බෙනන් සමඟ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැටුමක් ඇතිකරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ හිටපු ආරක්ෂක ප්‍රධානියෙකු වන බෙනන් හෙළි නොකළයුතු රහස් තොරතුරු ප්‍රමාණයක් ග්‍රන්ථ කතුවරයෙකුට ලබාදී ඇති බවය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ට්‍රම්ප් සහ ඔහුගේ නීතිවේදීන් සඳහන් කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා සිය රාජකාරි අරඹන විට එහි කටයුතු කිරීම සඳහා සුදානමක නොසිටි බවට බෙනන් සඳහන් කර ඇති බවත් ඒ හරහා ඔහු සිය සේවක ගිවිසුම කඩකිරීමක් සිදුකර ඇති බවය.

එසේම බෙනන් මේ ප්‍රකාශ සිදුකර ඇත්තේ තමන්ගේ තනතුර අහිමිවීම හේතුවෙන් පැමිණි මානසික ආතතිය නිසා බවද ට්‍රම්ප් පාර්ශවය සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න